ගැටබේ රාජෝපවනාරාමාධිපති අති පුජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල මහනාහිමියන්ගේ 90 වන ජන්ම දිනය ඊයේ (04) දිනට දී තිබුණා.
ඒ අනුව උන්වහන්සේට සුබ පැතීම සඳහා දේශපාලන නායකයින් රැසක් උන්වහන්සේ බැහැදැකීමට පැමිණියා.
ආණ්ඩුව නියෝජනය කරමින් ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ සුබ පැතුම් පණිවිඩ දෙකක්ද රැගෙන පණිවිඩ කරු ලෙස පැමිණ තිබුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතායි.
එහිදී මහනාහිමියන්ගේ ගුණ වයමින් කතාවට ප්‍රවේශ වීමට ගිය දිසානායක මහතාට සිදු වුයේ වදින්නට ගිය දේවාලය ඉහේ කඩා වැටුණා වැනි සිදුවීමකට මුහුණ පෑමටයි.
සිරි විමල හිමියන් තමන් වහන්සේ ආණ්ඩුව බලයට ගෙන ඒම සඳහා දේශපාලනිකව මැදිහත් වූ බව මෙහිදී පිළිගැනීම විශේෂ සිදුවීමක්.
නමුත් ඒ පිළිබඳ දැඩි ලෙස කණගාටු වන බවද උන්වහන්සේ පෙන්වා දුන්නා.
රට මහා විනාශයකට මුහුණ පා ඇති බවත් ආණ්ඩුවට තව දුරටත් ජනතාව වෙනුවෙන් කටයුතු කළ නොහැකි බවත් සඳහන් කළ උන්වහන්සේ ආණ්ඩුවට ජනතාවට වැඩ කිරීමට තිබු කාලය අවසන් බවද සඳහන් කළා.
හමුදා කාරයන්ට , යුද්ධ කරන මිනිහට රට පාලනය කරන්න පුලුවන් ද?
රට අවාසනාවන්ත තත්වයකට ඇද දමා ඇති මොහොතක තමන් වහන්සේ ආණ්ඩුව පිළිබඳ කිසිදු විශ්වාසයක් තබා නොගන්නා බව සඳහන් කළ උන්වහන්සේ හමුදා කාරයන්ට සහ යුද්ධ කරන මිනිසුන්ට රට පාලනය කළ නොහැකි බව පැහැදිලි වී ඇතැයි ද පෙන්වා දුන්නා.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට