Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

දුර්දාන්ත ආණ්ඩුවට එරෙහිව සටන් කරන්න ගෑණු දෙතුන් දෙනෙක් හරි ඉන්න එක ගැන සතුටුයි – ශාන්තිනී කෝන්ගහගේ

පස්සර අනතුරේ වගකීම සම්පූර්ණයෙන්ම ආණ්ඩුව භාරගත යුතුයි

රාජ්‍ය සේවිකාවන්ට වෘත්තිය ගෞරවය වෙනුවෙන් සටන් කරන්න වෙන දවස වැඩි ඈතක නෑ

ආණ්ඩුවේ ජනතා විරෝධි වැඩපිළිවෙලට එරෙහිව නැගී සිටින්නට කොන්ද පණ ඇති කාන්තාවන් දෙතුන් දෙනෙකු හෝ සිටීම පිළිබඳ තම සතුටුවන බවත්, ඔවුන් තනි නොකරමින් දේශපාලන භේදයකින් තොරව ඔවුන් ආරක්ෂා කිරීම වෙනුවෙන් තමා ඇතුළු කාන්තා බලවේග සියල්ල එකට එක්වන බවත් එක්සත් ජාතික පක්ෂ ලක්වනිතා පෙරමුණේ හිටපු සභාපති ශාන්තිනි කෝන්ගහගේ මහත්මිය පවසනවා.

ඇය මේ අදහස් පළකළේ එක්සත් ජාතික පක්ෂ ලක්වනිතා පෙරමුණ විසින් මාතරදී සංවිධානය කර තිබු වැඩසටහනකට සහභාගී වෙමින්.

වර්තමානය වන විට කිසිදු දේශපාලන පක්ෂයකට සම්බන්ධ නොවූ ස්වාධීන පුරවැසියන් ආණ්ඩුවේ විනාශකාරී වැඩපිළිවෙලට එරෙහිව පෙළ ගැසී ඇති බව පෙන්වා දුන් කෝන්ගහගේ මහත්මිය ඒ අතරින් සිංහරාජ වන විනාශය පිළිබඳ සමාජය අවදි කළ භාග්‍යා දියණිය සහ රජය නිලධාරිනියක ලෙස නොබියව තම රාජකාරි වගකීම් වෙනුවෙන් කැපවන දේවානි ජයතිලක මහත්මිය පිළිබඳ විශේෂයෙන් සිහිපත් කළා.

මේ වන විට ආණ්ඩුවේ කණ්ඩායම් එම කාන්තාවන් දෙදෙනාට අවලාද නැගීමට සහ හුදකලා කොට පහර දීමට උත්සහ දරන බවට චෝදනා කළ කෝන්ගහගේ මහත්මිය එම උත්සාහයන් ව්‍යර්ථ කිරීම සඳහා ලක්වනිතා පෙරමුණ සටන් කරන බවද සඳහන් කළා.

මේ වන විට දේවානි ජයතිලක මහත්මියට එරෙහිව ආණ්ඩුවේ මැති ඇමතිවරුන් අපහාස උපහාස සහ බිය වැද්දවීම් සිදු කිරීමට පටන් ගෙන ඇති බව පැවසු කෝන්ගහගේ මහත්මිය පෙන්වා දුන්නේ රාජ්‍ය සේවයේ නිරත අවංක රාජ්‍ය නිලධාරිනියන්ටද වැඩි කල් නොගොස් එම තත්වයට මුහුණ දීමට සිදුවනු ඇති බවයි.

පසුගියදා සිදු වූ පස්සර බස් රථ අනතුර පිළිබඳ අදහස් දැක්වූ ඇය අදාළ අනතුරේ වගකීම සම්පුර්ණයෙන් ආණ්ඩුව විසින් දැරිය යුතු බවද සඳහන් කළා.

වගකීම් පහර හරිමින් , කල් මරමින් කටයුතු කළ දේශපාලන නායකයින් සහ නිලධාරීන් හේතුවෙන් අසරණ මිනිසුන් 15 දෙනෙකුට දිවි අහිමිවූ බවයි ය සඳහන් කළේ.

About The Author