විදේශයන්හි සිට මෙරටට ඊයේ (27) දිනයේදී පැමිණි ශ්‍රී ලාංකිකයන්ගෙන් 100 දෙනකුට කොරෝනා ආසාදනයවී ඇතැයි තහවුරු වී තිබෙන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
විදේශයන්හි සිට පැමිණි ශ්‍රී ලාංකිකයන්ගෙන් සැලකිය යුතු පිරිසක් මෙලෙස ආසාදිතයන් ලෙස හඳුනා ගැනීම බරපතළ තත්ත්වයක් යැයි ද යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළා.
මේ අයට කොරෝනා ආසාදනය වී ඇතැයි හඳුනාගෙන ඇත්තේ ඔවුන් මෙරටට පැමිණි පසු කළ පී.සී.ආර් පරීක්ෂණවලදී වීම විශේෂත්වයක්.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට