Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

දැන් බලන කොට ඔක්කොම වැරදි කරලා තියෙන්නේ විපක්ෂයේ අපි : විපක්ෂනායක සජිත් ආණ්ඩුවට ටොක්කක් අනී

රටේ සිදුවන ඇත්ත දැන් ජනතාව දන්නවා

රටේ සිදුවන ඇත්ත නැත්ත කුමක්ද කියා ජනතාව හොඳින් දන්නා බවත් ඇත්ත නැත්ත දන්න ජනතාවට රැවැටවීමට කිසිවෙකුට නොහැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ආණ්ඩුවක් පැමිණ විගසම ධනවතුන්ට බදු සහන ලබාදීම හේතුකොටගෙන රාජ්‍ය ආදායම කඩාගෙන වැටුණු බව පැවසූ විපක්ෂ නායකවරයා අද පවතින ඩොලර් හිඟයට එය හේතුවක් බවද සඳහන් කළා.

තිස්සමහාරාම රන්මිණිතැන්න කිරිගොවින් මුහුණ දෙන ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (01) එම ප්‍රදේශයට පැමිණ සිටියා.

එම ජනතාව මුහුණදෙන ගැටලු පිළිබද එහිදී ඔවුන් විපක්ෂ නායකතුමා සමග දීර්ඝ වශයෙන් සාකච්ඡා කර බවයි විපක්ෂ නායක මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

එහිදී පැමිණ සිටි පිරිස අමතමින් සජිත් ප්‍රේමදාස මහතා මෙසේ සඳහන් කර තිබෙනවා.

“පහුගිය දවසක ජනාධිපතිතුමායි අගමැතිතුමයි කියනවා රටේ ප්‍රශ්න වලට ලොකුම හේතුව විපක්ෂයලු. එතකොට ඔක්කොම වැරදි කරලා තියෙන්නේ සජිත් ප්‍රේමදාස යි සමගි ජන බලවේගයයි.

අපි තමයි ගගට මුට්ටි විසි කළේ, එන්නත් ගේන්න එපා කියලා. ඒ කියන විදිහට එන්නත වෙනුවට පැණිය බොන්න කියලා ප්‍රචලිත කළේ අපි. ආණ්ඩුව නෙමෙයි. කොරෝනා පරීක්ෂණ කට්ටල් වලින් ගසා කෑවේ අපි. ආණ්ඩුව නෙමෙයි.

ගෑස් පෝලිම, පුපුරන ගෑස්, කාබනික වගාවක් කඩිමුඩියේ ගෙනල්ලා ගොවිතැන විනාශ කළෙත් සජිත් ප්‍රේමදාස. මේ ආණ්ඩුව නෙමෙයි.

සීනි, සුදුලූනු, පොල්තෙල් වංචා තියෙන ඔක්කොම වංචා ටික කරලා තියෙන්නේ සජිත් ප්‍රේමදාස යි සමගි ජන බලවේගය යි. මේ ආණ්ඩුව නෙමෙයි.

මේ ආණ්ඩුව හොඳටෝම කරලා තියෙනවා.

මේ තෙල් ප්‍රශ්නයට, ඩොලර් ප්‍රශ්නයට අපිට විසඳුමක් ලබාගන්න පුළුවන් ජාත්‍යන්තරයත් එක්ක සුහදව කතා කරලා.

කොරෝනා සමයත් සමඟ විපක්ෂයේ අපි ආරම්භ කළා වැඩසටහන් දෙකක් හුස්ම සහ සක්වල යනුවෙන්. හුස්ම වැඩසටහනට චීන ආණ්ඩුව මගින් ආධාර දුන්නා රුපියල් ලක්ෂ 200ක මුදලක්. ණයක් නෙමෙයි. ආධාර. ණය ගන්න අපි සූදානම් නෑ.

විපක්ෂයක් හැටියට ජාත්‍යන්තරයත් එක්ක ගනුදෙනු කරලා ආධාර ගන්න අපිට පුළුවන් නම් රාජ්‍ය බලයත් එක්ක රට වැටී තිබෙන තැනින් ගොඩ ගන්න.

About The Author