දර මිටියටත් අපමණ අගයක් : සුපිරි ගණනකට සුපිරි වෙළඳසැල් වල රාක්කයට
දර මිටි ගණන් සුපිරි වෙළෙඳසැල් වල විකිණීමට තබා ඇති ආකාරය දිවයිනේ බොහෝ ප්‍රදේශ වල දක්නට ලැබෙනවා.
සාමාන්‍යයෙන් වර්ෂ අවසානයේත්, අලුත් අවුරුදු කාලවලත්, විශේෂ අවස්ථාවලත් ජනතාව කිරිබත් පිසීම, කිරි ඉතිරවීම ආදිය සිදු කරන නිසා මෙම මෙසේ දර හා මැටි වළං විකිණීම සාමාන්‍ය දෙයක් වුවද මේ වන විට දර මිටි සාමාන්‍ය ඉවුම් පිහුම් කටයුතුද ඉලක්ක කර ගනිමින් අලෙවියට තබා තිබෙන ආකාරය නිරීක්ෂණය කළ හැකියි.
රුපියල් 25 – 60 අතර මිලකට අලෙවි වු දර මිටියක් මේ වන විට අලෙවි වන්නේ රුපියල් 200-700 අතර මිල ගණන්වලටයි.
බොහෝ අවස්ථාවලදී බහුතර පාරිභෝගිකයන් භාවිතා කරන භාණ්ඩ මිල ඉහළ යන අවස්ථාවලදී පවතින ආණ්ඩු සඳහන් කරන්නේ මිල ඉහළ දැමීම සිදු කරනු ලැබුවේ අදාල පාරිභෝගික ද්‍රව්‍ය නිෂ්පාදනය කරන ගොවීන් සහ නිෂ්පාදකයින් ආරක්ෂා කර ගැනීම සඳහා බවයි.
ඒ අනුව මේ අවස්ථාවේදී ද පවතින ආර්ථික අර්බුදය හමුවේ දර වගාකරුවන්ගේ අතමිට සරු වෙතැයි රජයේ ඇතැම් මැති ඇමතිවරූ සහ මන්ත්‍රීවරුන් ප්‍රකාශ කළහොත් පුදුම වීමට දෙයක් නැහැ.
අත නොහැර කියවන තැන
ඉරාන්ලා හර්ෂලා බුද්ධිමත් මෝඩයෝ – අනුරගේ එක කෝමද ඒකට අපේ ලොක්කගේ එක ඇහුන ගමන් ඩෝපර්ලා නටනවා – සජබ අවුල දිගටම පුපුරයි
සජිත්ගේ වේදිකාව ළඟ ඇවිලෙයි – එක හරක් පැටියෙක් අරන් ගොම දාගන්න එපා කියා රෝහිණී සැර වෙයි
1999 ජවිපේ ජනාධිපති අපේක්ෂක මාධ්‍ය හමුවක – ප්‍රේමකීර්ති ඝාතනයත් ජවිපේ ගිණුමට එක්කරයි – රටට වූ හානියට වරද පිළිගනී