ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා අද දිනයේදී අනුරාධපුර අටමස්ථාන වැඳ පුදා ආශිර්වාද ලබාගනිමින් අනතුරුව තම ඡන්ද සටන ඇරඹීය.
අනතුරුව නාමල් රාජපක්ෂ මහතා අනුරාධපුරයේ සිට නැවත පැමිනමින් සිටියේදි ප්‍රාදේශීය දේශපාලඥයෙකුගේ ආරාධනාව මත දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ගිය අවස්ථාවේ එහි සිටි පිරිසක් විරෝධය දක්වා හූ කියා ඇති බව වාර්තා වෙයි.
මීට පෙර මෙවැනි රැස්වීම් හෝ පිලිගැනිම් උත්සව සංවිධානය කරන්නේ දඹුල්ල ඔරලෝසු කණුව අසල බවත් එම ස්ථානයට පිරිසක් රැස් කරගැනීමට නොහැකි වීමෙන් සෑම විටම සෙනග සිටින ආර්ථික මධ්‍යස්ථානයට නාමල් රාජපක්ෂ මහතා ගෙන්වා සෙනග පෙන්වීමට උත්සාහ කර තිබූ බවත් එහි අයෙකු කියා සිටියේය.
© Lanka C News – දඹුල්ල සුසිල් මාදුරුගේ
අත නොහැර කියවන තැන
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි
රනිල්ට උදව් කරන්නැයි ගෝටා මට කතා කර කිව්වා – මේ ගහන ගේම් ජනතාව හොදින් අවබෝධ කරගන්න
රනිල් කරපු දෙයක් නෑ – ඔහු මහා කුමන්ත්‍රණකරුවෙක් – රනිල්ගේ එකම ප්‍රතිපත්තිය “රනිල්” – 21 නාමල්ටත් පැරදිලා ගෙදරම යනවා