ඉන්ධන මිල වැඩි කිරීම හරහා රජය අපහසු තත්වයට පත් කළ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා වහ සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පවසනවා.
මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කරන්නේ අවශ්‍ය වේලාවට නිසි තීරණ නොගැනීම හරහා ගම්මන්පිල අමාත්‍යවරයා සිදුකළ වගකීම් විරහිත ක්‍රියා කලාපය හේතුවෙන් රජය අපහසුතාවයට පත්වූ බවයි.
එබැවින් එහි වගකීම වහා මාර ගනිමින් තමන් ධුරයෙන් ඉවත් කරන ලෙසයි ජන පෙරමුණ උදේ ගම්මන්පිල මහතාට දැනුම් දී තිබෙන්නේ.
කෙසේ වෙතත් අවස්ථා කිහිපයකදී උදය ගම්මන්පිල මහතා විසින් ඉන්ධන මිල ඉහල දැමිය යුතු බව කැබිනට් මණ්ඩලයට යෝජනා කර තිබුණත් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා විසින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බව ද අවස්ථා ගණනාවකදීම මාධ්‍ය ඔස්සේ වාර්තා කර තිබුණා.
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමුණු ඉන්ධන මිල සම්බන්ධ තීරණය ද ගෙන තිබුණේ කැබිනට් මණ්ඩලය හරහා බවයි රජය විසින් මීට පෙර වාර්තා කළේ.
නමුත් මේ වන විට ආණ්ඩු පක්ෂය පවසන පරිදි එය උදය ගම්මන්පිල මහතා විසින් හිතු මනාපයට සිදු කළ ක්‍රියාවක්.
මේ සමග ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය හරහා ගනු ලබන තීන්දු තීරණ සම්බන්ධයෙන් සහ ඒවා ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් බරපතල සැක සහිත තත්ත්වයක් සහ වගකීම් විරහිත ස්වභාවයක් නිර්මාණය වී තිබෙනවා.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට