‘බවුන් වඩමින් සිටි බිරිඳ රැගෙන යෑමට ආ සැමියාට හිමිවරුන්ගෙන් ප්‍රහාරයක්’ මැයෙන් පළවූ පුවතක් දෙරණ රූපවාහිනි නාළිකාවේ ‘දෙරණ අරුණ’ වැඩසටහනින් ප්‍රකාශ කළැයි මාධ්‍යවේදී නීතිඥ සංඛ අමරජිත් මහතාට අහංගම, තිත්තගල්ල මෙත් බෝ සෙවන භාවනා අසපුවේ නායක හිමි බව කියන තිත්තගල්ලේ ආනන්දසිරි නම් භික්ෂුවක් විසින් තර්ජනය කළ බව වාර්තා වුණා.
ඊයේ (30 වැනිදා) උදෑසන දෙරණ අරුණ වැඩසටහන නිමාවූ පසු ජංගම දුරකථන අංක දෙකකින් කතා කර තමන් ආනන්දසිරි හිමියන් බව කියමින් සංඛ අමරජිත්ට තර්ජනය කර ‘කන්න හදන්න එපා’ යනුවෙන් බැණවැදී ඇති බවටයි.
‘ඔයා ඉන්නේ පත්තරවල පච කෙළින්නද’ අසමින් සංඛ අමරජිත් වෙත දිගින් දිගටම බැණ වදිද්දී ‘ඔබ වහන්සේ හාමුදුරු කෙනෙක් විදියට කතා කරන්නැයි’ මාධ්‍යවේදී සංඛ අමරජිත් මහතා පවසා තිබෙනවා.
‘නටන්න හදන්න එපා’ යනුවෙන් තමා ඇමතු අදාළ පුද්ගලයා තමන්ට බැණ වැදුණු බවයි පැවසුණේ.
මෙම තිත්තගල්ල මෙත් බෝ සෙවණ අසපුවේ භාවනා කිරීම සඳහා බව පවසමින් එම ස්ථානයට පැමිණ එහි රැඳී සිටි සිය බිරිඳ නැවත රැගෙන යෑමට පැමිණි ක්‍රිෂාන් චතුරංග නැමති පුද්ගලයෙකුට සහ ඔහුගේ සොයුරෙකුට අදාළ අසපුවේ භාවනානුයෝගීව වැඩ වසන බව කියන ශ්‍රමණ වේශධාරී කල්ලියක් විසින් පහරදීමක් සිදුකර ඇති අතර ඔහු පැමිණි මෝටර් රථයට ද අලාභ හානි සිදු කර ඇති බව එම පුද්ගලයා විසින් අහංගම පොලිසිය වෙත පසුගිය 28 වැනිදා පැමිණිල්ලක් ද සිදු කර තිබෙනවා.
කෙසේ වෙතත් සංඛ අමරජිත් මහතාගේ චෝදනාවට තිත්තගල්ලේ ආනන්දසිරි හිමියන් සිය ෆේස්බුක් පිටුව හරහා සජීවීව පැමිණ අදාළ සිද්ධියට ප්‍රතිචාර දක්වා තිබෙනවා.
තමන් වහන්සේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ දරුවන් පුනරුත්ථාපනය කරමින් විශාල සමාජ මෙහෙවරක් සිදු කරන බවත් එම මෙහෙවර මාධ්‍ය ඇස නොගැටෙන්නේ මන්දැයි ප්‍රශ්න කරන උන්වහන්සේ චෝදනා කරන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම හරහා අදාල මාධ්‍ය ආයතන වලට මුදල් ලැබෙන බවයි.
තමන් සමග මුහුණ ට මුහුණ පැමිණ ප්‍රශ්න සඳහා පිළිතුරු දීමට අදාළ මාධ්‍යවේදියාට කොන්දක් නොමැති බවත් ඔහු ඇසුරු කරන්නේ කිසිදු වැදගැම්මකට නැති පඹයන් වැනි භික්ෂුන් බවත් පවසන තිත්තගල්ලේ හිමියන් මුහුණට මුහුණ හමුවූ අවස්ථාවක දියෙන් කිරි වෙන්කර දෙන බවද පවසනවා.
එමෙන්ම අදාළ මාධ්‍යවේදියාට යම් මුදලක් ගෙවීමෙන් පසු ඕනෑම දෙයක් කියවා ගතහැකි බවද එහිමියන් පවසනවා.
සබැඳි පුවත් – අසපුවේ බවුන් වැඩු බව කියන වෙනත් පුරුෂයෙකුගේ බිරිදක් වෙනුවෙන් සැමියා සමග ගුටි කෙළගත් බව කියන භික්ෂුවක් මාධ්‍යයටත් තග දාලා
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට