ජනාධිපතිවරයා විසින් කටුපොල් වගාව තහනම් කරමින් සහ පාම් තෙල් ආනයනය තහනම් කරමින් පසුගියදා ගැසට්ටුවක් නිකුත් කිරීමට උපදෙස් ලබා දුන්නා.
නමුත් එයට ව්‍යාපාරිකයන්ගෙන් සහ බේකරි නිෂ්පාදකයින්ගෙන් දැඩි විරෝධයක් එල්ල වූ අතර විශේෂයෙන්ම පාම් තෙල් ආනයනය නතර කිරීම කළහොත් බේකරි නිෂ්පාදන විශාල වශයෙන් මිල ඉහල යාමකට ලක් විය හැකි බවයි ඔවුන් පෙන්වා දුන්නේ.
එයේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසුවේ ජනාධිපතිවරයා පාම් තෙල් ආනයනය තහනම් කරන ලෙස පැවසුවද අදාළ ගැසට්ටුවේ යම් යම් වෙනස් වීම් සිදුවිය හැකි බවයි.
එමෙන්ම වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසන්නේ බේකරි නිෂ්පාදකයන්ට අවශ්‍ය පාම් තෙල් ආනයනය කිරීම සඳහා බලපත්‍ර ක්‍රමයක් හදුන්වා දීමට සැලසුම් කර ඇති බවයි.
ඒ අනුව එම ගැසට්ටුව ද පුස්සක් වීමට නියමිතයි.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට