හෝමාගම ප්‍රදේශයේ කුලී නිවසකදී උපාධිධාරී තරුණියක් ඇයගේ උපාධිධාරී පෙම්වතා විසින් ගෙල කපා ඝාතනය කර තිබේ. අනතුරුව ඔහු ද වේදනානාශක පෙති වර්ගයක් පානයකර සියදිවි නසා ගැනීමට උත්සාහ කිරීමේදී රෝහල්ගත කර ඇති බව පොලීසිය පැවසීය.
අදාළ පුද්ගලයාව කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුළත්කර තිබුණේ ඊයේ (07) පස්වරුවේය. එහිදී ඔහුගේ කමිසයේ තිබූ ලේ පැල්ලමක් පිළිබඳ සැක සිතූ පොලීසිය ඒ සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රශ්නකර තිබුණි. ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු පවසා තිබුණේ ඔහු තම පෙම්වතියව ඝාතනය කළ බවය.
ඒ අනුව, හෝමාගම උසාවිය පාරේ, පළමු පටුමගේ කුලී නිවසක තිබූ ගෙලෙහි කැපුම් තුවාල සහිත 31 හැවිරිදි තරුණියකගේ මෘත දේහය පොලීසිය විසින් සොයාගනු ලැබීය. ඝාතනයට ලක්වූ තරුණිය, සැකකරු සහ ඔහුගේ මව සමග ඊයේ සවස 6 ට පමණ අදාළ කුලී කාමරයට පැමිණ ඇති අතර ,මව පමණක් රාත්‍රී 7 ට පමණ යළි එම නිවසින් පිටව ගොස් තිබුණි.
ඉන්පසුව මෙම ඝාතනය සිදුවී ඇති අතර සුළු ආරවුලක් මත ඇතිවූ බහින්බස්වීමක් දුරදිග ගොස් ඝාතනය සිදුකර ඇති බවට පොලීසිය සැක කරයි.
ඝාතනයට ලක්වී ඇත්තේ අවිස්සාවේල්ල, ගැටහැත්ත, අමුපිටිය ප්‍රදේශයේ පදිංචිකාරියක වන කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලිපිකාරිනියක ලෙස සේවය කළ අචිනි තුෂාරා විජේතුංග නමැති 31 හැවිරිදි උපාධිධාරිනියකි. ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 32 හැවිරිදි සැකකරුද කෘෂිකර්ම අමාත්‍යාංශයේම රැකියාවේ නිරත උපාධිධාරියෙකි.
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි