දිනෙන් දින පාලනයෙන් ගිලිහෙමින් යන කොරෝනා වසංගතය හමුවේ රජය විසින් ගෙන ඇති බොහෝ වැඩ පිළිවෙල අසාර්ථක වී ඇති බවත් වහා කැබිනට් මණ්ඩලය සහ පාර්ලිමේන්තුව කැඳවා අවශ්‍ය හදිසි තීරණ ගැනීමට කටයුතු කරන ලෙසත් එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
මේ වන විට ජන ජීවිතය බරපතල අවධානමකට පත්ව ඇති බවත් ,මේ වන විටත් එන්නත්, දැඩිසත්කාර ඒකක ඇඳන්, ඔක්සිජන් ඇතුළු ද්‍රව්‍යයන් හිඟයක් පවතින බව පෙන්වා දෙන හිටපු අග්‍රාමාත්‍යවරයා මෙය ආණ්ඩුවේ සමත් අසමත් කම මැනීමේ කටයුත්තක් නොවන බවද අවධාරණය කරනවා.
ජනතාවගේ ජිවිත බරපතල අවධානමකට ලක්ව ඇති බවත් මේ වන විට කොරෝනා මර්ධනය සඳහා ආණ්ඩුව පත්කළ කමිටු සහ බොහෝ වැඩපිළිවෙල අසමත් වී ඇත බවත් පෙන්වා දෙන වික්‍රමසිංහ මහතා සඳහන් කරන්නේ වහා අදාළ සියලු කටයුතු කැබිනට් මණ්ඩලය යටතට පත් කොට කඩිනමින් අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.
රටේ ජනතාව පිලිබඳ අනුකම්පාවෙන් සිතා බලා වගකිව යුතු පිරිසක් ලෙස කටයුතු කරන ලෙසද ඒ මහතා ඉල්ලා සිටියේ WhatsApp තාක්ෂණය හරහා විශේෂ ප්‍රකාශයක් සිදුකරමින්.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට