එවැනි සිදුවීම් ගණනාවක් පිළිබඳ තොරතුරු එළියට
පැමිණිලිකරුවෙකු ජීවිතාරක්ෂාව ඉල්ලයි
කිරිඇල්ලේ ප්‍රදේශයේදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතාගෙන් මහමගදී පහරකෑමට ලක්වූ පුද්ගලයා සිය ජීවිතාරක්ෂාව පතා පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත්කර තිබෙනවා.
රන්මල් කොඩිතුවක්කු මහතාට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවීම මත ඔහු මෙම පැමිළිල්ල ඉදිරිපත්කර තිබෙන බව සදහන්.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල්ගෙන් එල්ලවුණු පහරකෑම් හේතුවෙන් ඔහු රෝහල්ගතව ප්රතිකාරද ලබා ඇති නමුත් මෙම පහර දේම සම්බන්ධයෙන් අදාළ නිලධාරියා අත්අඩංගුවට ගැනීමක් හෝ සිදු කර නොමැති බවයි පැවසෙන්නේ.
පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරියෙක් සදහන් කළේ රන්මල් කොඩිතුවක්කු මහතා සම්බන්ධයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය මගින් පරීක්ෂණයක් පැවැත්වෙන බවය.
රන්මල් කොඩිතුවක්කු මහතාගෙන් පහරකෑමට ලක්වූ පුද්ගලයා සිය ජීවිතාරක්ෂාව පතා ඉල්ලා කළ පැමිණිල්ල පොලිස්පතිවරයාට ද යොමුකර ඇති බවද එම නිලධාරියා සදහන් කළා.
රන්මල් කොඩිතුවක්කු මහතා ගමන්කරමින් සිටි ජිප් රථය ඉස්සර කරමින් ධාවනය වූ මෝටර් රථ රියදුරෙකුට ඔහු පහරදී තිබු අතර එම අවස්ථාවේදී ඔහු බීමතින් සිටී බවටද චෝදනා එල්ලවුණා.
ඊට සති දෙකකට පෙරද රන්මල් කොඩිතුවක්කු මහතා ඔහුගේ වාහනය ඉස්සරකරමින් අපරික්ෂාකාරීව රිය ධාවනය කළ බව පවසමින් රියදුරෙක් අල්ලාගෙන විත් ඉංගිරිය පොලීසියට භාරදී ඇති බවද වාර්තවනවා.
වත්තලදී බස් රථ රියදුරෙක්ට ඔහුගේ වාහනය ඉස්සර කර බස් රථය ධාවනය කළ බව පවසමින් සිදු කළ පහරදීමක් සම්බන්ධයෙන්ද රන්මල් කොඩිතුවක්කු මහතාට චෝදනාවක් එල්ලවී තිබු අතර ඒ සම්බන්ධයෙන් නීතිමය කටයුතු පවා දීර්ඝ කාලයක් පැවැති බවයි වාර්තාවන්නේ.
ඒ හේතුව අදාළ කාලය තුළ ඔහුට හිමි උසස්වීම් පවා අහිමි වූ බවයි පැවසෙන්නේ.
රන්මල් කොඩිතුවක්කු මහතා සම්බන්ධයෙන් මෙතෙක් සිදුව ඇත්තේ ඔහුව සබරගමුවෙන් කොළඹට ස්ථානමාරුවීමක් ලබාදීම පමණක් බවත් ඊට පෙර සතියේ මඩකලපුවේ පොලිස් කොස්තාපල්වරයෙක් විසින් යතුරු පැදිකරුවෙකුට පහරදීමක් හේතුවෙන් ඔහුව අත්අඩංගුවට ගෙන වැඩ තහනම් කළ බවද පොලිසියේ කනිෂ්ඨ නිලධාරින් සඳහන් කරනවා.
මේ තාවය තුළ පොලිසිය තුළම නීතිය ක්‍රියාත්මක වන ආකාරයේ බරපතල විෂමතාවක් නිර්මාණය වී ඇති බවත් අපරාධවලට සම්බන්ධ ඉහළ නිලධාරීන්ට එක නීතියක් සහ කනිෂ්ඨ නිලධාරීන්ට තවත් නීතියක් ක්‍රියාත්මක වන බවටද චෝදනාවක් එල්ලවී තිබෙනවා.
© මුලාශ්‍රය – newswave.lk
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි