කැකිරාව ප්‍රදේශයේ පාසලක දහය වසර එකම පංතියේ ඉගෙනුම ලබන පහළොස් හැවිරිදි ශිෂ්‍යාවක් බියට පත් කර එක් ශිෂ්‍යයකුගේ නිවසට කැඳවා සති තුනක පමණ කාලයක් අපයෝජනය කර ඇති පහළොස් හැවිරිදි ශිෂ්‍යයන් දෙදෙනකු සැකපිට පසුගිය (25 දා) කැකිරාව පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වින්දිත ශිෂ්‍යයාව එකම පංතියේ තවත් ශිෂ්‍යයකු සමඟ කතා කරමින් සිටින අයුරු ජංගම දුරකථනයකින් වීඩියෝ කර ශිෂ්‍යාවගේ අක්කාට පෙන්වන බවට බියට පත්කර එසේ නොකරන්න නම් තම නිවසට පාසල නිම වී පැමිණෙන ලෙස දන්වා ශිෂ්‍යයන් දෙදෙනා විසින් ශිෂ්‍යාව වරින්වර අපයෝජන ලක්කර ඇති බව පොලිස් පරීක්ෂණයේදී අනාවරණය වී තිබෙනවා.
සිද්ධිය ශිෂ්‍යාවගේ අක්කා විසින් දැන ගැනීමෙන් අනතුරුව පොලිසියට පැමිණිලි කර ඇති බවයි වාර්තාවන්නේ.
අදාළ ශිෂ්‍යාවගේ මව ඇය කුඩා කාලයේම මියගොස් ඇති අතර දැනට අක්කා භාරයේ දිවි ගෙවතිගෙවන බව සඳහන්.
ශිෂ්‍යාව ලබා දුන් ප්‍රකාශ අනුව අත්අඩංගුවට ගත් සැකකාර ශිෂ්‍යයන් දෙදෙනා කැකිරාව දිසා මහෙස්ත්‍රාත් යූ. එස්. කේ. කේ. වෙරණියගොඩ මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාර්තු 31 වැනිදා කැකිරාව උසාවියට කැඳවීමට නියෝග කළ අතර ශිෂ්‍යයන් දෙදෙනා අනුරාධපුර අභය ළමා නිවසයේ රඳවා තබන ලෙසත් ශිෂ්‍යාව ඇගේ අක්කාගේ භාරයේ තබන ලෙසත් පොලිසියට නියෝග කර තිබෙනවා.
© දිවයින


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට