තම තමන්ගේ ජීවිත රැකගැනීමටත් සමාජ ව්‍යාප්තිය නතර කර ගැනීමටත් සහයෝගය ලබාදෙමින් කටයුතු කරන ලෙස රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
ඔහු සඳහන් කරන්නේ කොවිඩ් අවදානම් තත්වය සැලකිල්ලට ගනිමින් සංවිධාන කර තිබූ සියලුම උත්සව, රැස්වීම් සහ මහජන දින තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බවයි.
රට තුල පවතින කොවිඩ් තුන්වන රැල්ල මැඩපැවැත්වීමට අප දෙනා එක්ව කටයුතු කිරීමේ වැදගත් කම අවධාරණය කරන ජයරත්න මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අංශයේ මූලිකත්වයෙන් අඛණ්ඩව සිදුකරගෙන යනු ලබන කොවිඩ් මර්දන වැඩපිළිවෙලට සහයෝගය දක්වා නැවතත් රටේ ආර්ථිකය සහ සංවර්ධන කටයුතු යථා තත්වයට පත් කිරීමට සහයෝගය ලබා දෙන ලෙස ද ඉල්ලීමක් සිදු කරනවා.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට