Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

තනතුර රකිනා බ්‍රසීල ජනපති.

මේ වන විට ඇමරිකා එක්සත් ජනපදයට පසු වැඩි ම කොවිඩ් ආසාදිතයින් ගණනක් වාර්තා වී ඇති රට බවට පත් ව තිබෙන්නේ බ්‍රසීලය යි. ඒ, ලක්ෂ පහ ඉක්මවා යමිනි. මරණ 28,840කි. 

මෙම තත්ත්වයට සම්පූර්ණයෙන් වග කිව යුතු වන්නේ එරට ජනාධිපති “ජායිර් බොල්සනාරෝ” සහ ඔහුගේ අනුගාමිකයින් බවට රටවැසියෝ චෝදනා නඟති. එබැවින් දින ගණනාවක සිට ම එරට එක් එක් ප්‍රදේශවලින් ජනාධිපතිවරයාට එරෙහි කුමන්ත්‍රණ එළි දකින බව පෙනේ. 

එහෙත් බොල්සනාරෝ හා ඔහුගේ සගයින් තවදුරටත් කුමන්ත්‍රණ පිළිබඳ ඔත්තු සෙවීමට මඟ බලමින් සිටිනවා මිස, වසංගතය මැඬ පැවැත්වීම වෙනුවෙන් කිසිදු උත්සාහයක් නොගනිති. පසුගිය සතියේ තුවක්කු රැගත් නිළධාරීන් රැසක් සමඟ වඩාත් සටන්කාමී අන්දමින් අදාළ කුමන්ත්‍රණ මැඬලීමට උත්සාහ ගත් ඔහු පවසන්නේ පෙර දිනට වඩා අද දින තමාගේ තනතුර සුරක්ෂිත යැයි හැඟෙන බව යි. 

බ්‍රහස්පතින්දා දින ඔහු වඩාත් කෝප සහගත මුහුණින්, රයිෆලයක් ද බෙල්ලෙහි එල්ලාගෙන සිය මන්දිරයෙන් පිටත සිටගෙන සිටිනු ජනතාවට දක්නට ලැබිණි. රටක ප්‍රධානියෙකු වශයෙන් මෙම ක්‍රියාව සිය ප්‍රතිරූපයට කෙතරම් බලපායි ද යන්න පිළිබඳ බොල්සරානෝ හට කිසිදු අදහසක් නොමැති බව පෙනෙයි.

About The Author