රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකෙරුණු පෙත්සම නිෂ්ප්‍රභ කරමින් අභියාචනාධිකරණය දුන් තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනා පෙත්සමක් ගොනුකර තිබේ.
සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඔෂල හේරත් මහතා විසින් මෙම අභියාචනා පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති බව “මී මැස්සා” අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.
එහි වගඋත්තරකරුවන් ලෙස රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය ඇතුළු පිරිසක් නම් කර තිබේ.
පෙත්සම්කරු කියා සිටින්නේ, රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි තැනැත්තියක් බැවින් ඇයට මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට සුදුසුකම් නොමැති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා තමා අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකළ බවයි.
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි