ටවර් හෝල් රඟහල පදනම විසින් දමිළ මාධ්‍ය නාට්‍ය පාඨමාලාවක් ආරම්භ කර තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් වන අවබෝධතා ගිවිසුමට පසුගියදා අත්සන් තබා තිබෙනවා.
ඒ ටවර් හෝල් පදනම සහ ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය අතරයි.
2007 වර්ෂයේ දී ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය සමග ඒකාබද්ධව ආරම්භ කළ දෙවර්ෂ පූර්ණකාලීන නාට්‍ය හා රංගකලා උසස් ඩිප්ලෝමාවේ (සිංහල මාධ්‍ය) දිගුවක් ලෙස මෙම පාඨමාලාව ආරම්භ කර ඇති අතර එහි නියමු වැඩසටහන පසුගිය මැයි මස 04 වෙනිදා යාපනය සංදිලිපායී සංස්කෘතික මධ්‍යස්ථානයේ දී ආරම්භ කර තිබෙනවා.
මෙම පාඨමාලාව වසර දෙකක පූර්ණකාලීන පාඨමාලාවක් ලෙස පැවැත්වෙන අතර එය අවසානයේ රංගකලා උසස් ඩිප්ලෝමා සහතිකයක් හිමිකරගැනීමට සිසුන්ට අවස්ථාව උදාවනවා.
උසස් ඩිප්ලෝමාව සාර්ථකව අවසන් කරන විද්‍යාර්ථීන් අධ්‍යාපනවේදී නාට්‍ය හා රංගකලා උපාධියේ තෙවන හා සිව්වැනි වසර සඳහා ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන පීඨය වෙත අනුයුක්ත කිරීම සිදුවනවා.
අත නොහැර කියවන තැන
අරලියගහ මන්දිරයේ භූතයන්ට ආර්යයයාවත් බය වෙලා – ජනාධිපති මන්දිරයේ රජ කුමරෙකුගේ මිනී අළු – මහින්දගේ රාජකීය දෛවඥයා සියල්ල හෙළිකරයි
කතරගම හිඟන ලෝකයට රිංගු ජපුර කොල්ලෝ කෙල්ලෝ සෙට් එක – මහාචාර්ය මයුර සමරකෝන් හෙළිකළ සමාජ පර්යේෂණය
ආර්තවහරණය පිළිබඳ මිථ්‍යාවන් හතක් !