Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ටක් ගානවා ටික් ගානවා ටිකක් කනවා, දොරවහනවා ? නුෂාඩ් පෙරේරා ප්‍රමිති ආයතනයටත් සමුදෙයි

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපති නුෂාඩ් පෙරේරා මහතා සිය ධුරයට සමුදෙමින් එම ධුරයෙන් ද ඉල්ලා අස්වූ බව පවසනවා.

සිය ඉල්ලා අස්වීමේ ලිපිය තාක්‍ෂණ අමාත්‍යංශයේ ලේකම්වරයාට පසුගිය අපේ‍්‍රල් මස 19 වැනිදා බාර දුන් බවත් පසුගිය 30 වැනිදා පැවැති අවසන් අධ්‍යක්‍ෂ මණ්ඩල රැස්වීමෙන් පසුව නිල වශයෙන් තමන් එම ධුරයේ වගකීම් වලින් ඉවත් වූ බවත් මාධ්‍යට සඳහන් කරනවා.

මේ සම්බන්ධයෙන් රජයේ ඉහලම බලධාරීන් දැනුවත් කර ඇති බවත් ඉදිරියේදී ශ්‍රී ලංකාවේ ප‍්‍රධාන පෙළේ පෞද්ගලික ආයතනයකට සම්බන්ධ වන බවත් නුෂාඞ් පෙරේරා මහතා සඳහන් කරනවා.

පසුගිය දිනවල සමාජයේ මහත් ආන්දෝලනයක් ඇති කළ ඇෆ්ලටෝක්සින් නම් පිළිකාකාරක අඩංගු විෂ පොල්තෙල් වෙළඳපොළට නිකුත් කිරීමේ ගනුදෙනුව මෙන්ම , රුපියල් බිලියන ගණනක් රජයට පාඩු කරමින් සතොස හරහා සිදුවූ සීනි බදු වංචාව ඇතුළු ගනු දෙනු කිහිපයක් සම්බන්ධයෙන් නුෂාඩ් පෙරේරා මහතාට සෘජු චෝදනා එල්ල වුණා.

About The Author