කහටගස්දිගිලිය, දියමයිලගස්වැව, වැවේ දිය නාමින් සිටි 70 හැවිරිදි පුද්ගලයෙකු කිඹුලෙකු විසින් පහර දී ඇදගෙන යාමට උත්සහ දැරූ අවස්ථාවේදී එම ගම්මානයේ විහාරස්ථානයේ හිමි නමක විසින් දියට පැන කිඹුලා සමග පොර බදිමින් පහර කෑ පුද්ගලයා බේරාගෙන ඇති බව කහටගස්දිගිලිය පොලිසිය සඳහන් කරනවා.
දියමයිලගස්වැව ශ්‍රී ධර්මරාජ විහාරස්ථානයේ 30 හැවිරිදි, පැල්ලන්දෙනියේ පියනන්ද හිමි සහ 70 හැවිරිදි දියමයිලගස්වැව පදිංචි ජේ.එම් විජේරත්න මහතා දියමයිලගස්වැව වැවේ ඊයේ (07) උදෑසන දිය නාමින් සිට තිබෙනවා.
හිමිනම දිය නා අවසන් වී නැවත විහාරස්ථානයට පැමිණීමට සූදානම් වෙමින් සිටියදී වැවේ නාමින් සිටි විජේරත්න මහතා හට මෙම කිඹුල් ප්‍රහාරය එල්ල වී ඇති බව සඳහන්.
කිඹුලා විසින් විජේරත්න මහතා වැව පතුලට ඇදගෙන යාමට උත්සහ දරමින් සිටියදී පියනන්ද හිමියන් වැවට පැන කිඹුලා සමග පොර බදමින් විජේරත්න මහතා බේරා ගෙන තිබෙනවා.
අනතුරුව ප්‍රදේශවාසීන්ගේ සහය ඇතුව ඔහු රෝහල් ගත කර ඇති අතර කිඹුලා සපාකෑමෙන් විජේරත්න මහතාගේ පාදයට බරපතල තුවාල සිදු වී ඇති අතර ඔහු මේ වන විට අනුරාධුපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.
විජේරත්න මහතාගේ සිවි ගලවාගත් පියනන්ද හිමියන්ට අනතුරක් සිදුව නැහැ.
අත නොහැර කියවන තැන
ආර්තවහරණය පිළිබඳ මිථ්‍යාවන් හතක් !
කොළඹ විශ්වවිද්‍යාලය තට්ටය මට්ටු කරමින් තෙලක් බෙදයි
ඉදිරි දශකය ජයගත හැකි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන සමාජ විද්‍යාත්මක කථිකාවක්