Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ජාතික වනෝද්‍යානවල සංචාරක නිකේතන 38 පුද්ගලික අංශයට ? සංඝරත්නයේ විරෝධය

ජාතික වනෝද්‍යානවල වල ඇති රජය සතු සංචාරක නිකේතන 38 පුද්ගලික අංශයට පැවරීමේ සුදානමක් පවතින බව පුජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් අද (30) පැවති මාධ්‍ය හමුවකදී හෙළි කළා.

උන්වහන්සේ සඳහන් කළේ මෙම වටිනා උරුමයන් ලැබ ඉපයීම වෙනුවෙන් පුද්ගලික අංශයට පවරා දීමට වඩා රජයට මේවා පාලනය කළ නොහැකි නම් කැලෑවට අතහැර දැමීම වඩා සුදුසු බවයි.

පරිසරවේදීන් , විශ්වවිද්‍යාල සිසුන් ඇතුළු වන ජීවින් පිළිබඳ අධ්‍යයනය කරන පිරිස් වෙනුවෙන් වෙන් කළයුතු මෙම සංචාරක බංගලා පුද්ගලික අංශයට පැවරීම සුදුසු නොවන බවත්, ඒ හරහා සිදුවන්නේ වන විනාශය තව දුරටත් ඉහළ යාම බවත් උන්වහන්සේ මෙහිදී අවධාරණය කළා.

About The Author