පවතින කොරෝනා වසංගත තත්වය හමුවේ ජනතා විමුක්ති පෙරමුණ මැයි දින රැළිය පැවැත්වීමට යොදාගෙන තිබුණු සැලසුම් වෙනස් කර, එය අන්තර්ජාලය ඔස්සේ පැවැත්වීමට තීරණය කර තිබෙනවා.
මීට පෙර සඳහන් කෙරුනේ කවර බාධක පැමිණියද මැයි දින පෙළපාලියක් නොපවත්වා රැළියක් පමණක් පවත්වන බවයි.
කෙසේ වෙතත් දැනට පවත්නා තත්වයන් සැලකිල්ලට ගනිමින් මැයි දින සැමරුම සහ රැළිය බත්තරමුල්ල පක්ෂ මුලස්ථානයේදී සැමරීමටත් ඒ සමග අන්තර් ජාලය හරහා ජනතාව සම්බන්ධ කර ගැනීමටත් අවශ්‍ය කටයුතු සලසා ඇති බව එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා සඳහන් කළා.
ඒ අනුව මැයි 01 දින පෙරවරු 10.00 ට අන්තර් ජාලය ඔස්සේ ජනතා විමුක්ති පෙරමුණේ මැයි දින සැමරුම සජීවීව විකාශය කිරීමට නියමිතයි.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට