ජාතික ජනබලවේගය විසින් ඊයේ (26) දින කොළඹ පැවති විරෝධතා පෙළපාලියට පොලීසිය එල්ල කළ ජල හා කදුළු ගෑස් ප්‍රහාරවලට ලක්ව තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකු අද (27) පෙරවරුවේ මියගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසනවා.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ රත්නපුර, නිවිතිගල පදිංචි නිමල් අමරසිරි (60) නමැති පුද්ගලයකු වන අතර ඔහු නිවිතිගල ප්‍රාදේශිය සභාවේ අපේක්ෂකයෙකි.
මැතිවරණය කල් දැමීමට විරෝධය පළ කරමින් ජාතික ජන බලවේගය ඊයේ පස්වරුවේ කොළඹ විහාර මහා දේවී උද්‍යානය අසලින් විරෝධතා පා ගමනක් ආරම්භ කරනු ලැබූ අතර මද වේලාවක දී පොලිසිය ඊට ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කෙරිණි.
මෙහිදී පුද්ගලයන් 28 දෙනකු තුවාල ලබා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර තිබිණි.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට