අත්‍යවශ්‍ය සහ හදිසි සෞඛ්‍ය සේවාවන් බාධාවකින් තොරව පවත්වාගෙන යාම තහවුරු කිරීම සඳහා ජපානයෙන් ඩොලර් මිලියන 38ක ප්‍රදානයක් ලබාදීමට ජපන් රජය එකඟතාව පළකර තිබේ.
කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා,
“අත්‍යවශ්‍ය සේවා සහ ප්‍රවාහන පහසුකම් තහවුරු කරමින් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශයේ සෞඛ්‍ය සේවා සැපයුම් පද්ධතිය වැඩිදියුණු කිරීම සඳහා ජපාන ආර්ථික හා සමාජ සංවර්ධන වැඩසටහන යටතේ ජපන් යෙන් බිලියන 5ක ප්‍රදානයක් ආසන්න වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 38ක ප්‍රදානයක් ලබාදීමට ජපන් රජයේ එකඟතාව පළකරලා තියෙනවා. ශ්‍රී ලංකාවේ පවතින වර්තමාන ආර්ථික අර්බුදය සැලකිල්ලට ගෙන ජපාන ආර්ථික හා සමාජ සංවර්ධන වැඩසටහන යටතේ අත්‍යවශ්‍ය සහ හදිසි සෞඛ්‍ය සේවාවන් බාධාවකින් තොරව පවත්වාගෙන යාම තහවුරු කිරීම පිණිස ඉන්ධන ප්‍රධාන වශයෙන් ඩීසල් සැපයීම් සඳහා තමයි මේ ප්රදානය ලබාදීලා තියෙන්නේ.”
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට