“අපේ ජනාධිපතිතුමාට චන්ඩිකම් පෙන්වූ නෝනා එළියට වරෙන්” කියා ප්‍රසිද්ධියේ සත්තම දමයි
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ මාලඹේ පිහිටි නිවස ඉදිරියේ පිරිසක් ඊයේ රාත්‍රියේ කළහකාරී ලෙස හැසිරෙමින් විරෝධතාවයක නිරත වී තිබෙනවා.
‘ජනාධිපතිතුමාට චන්ඩිකම් පෙන්නපු නෝනා එලියට වරෙන්’ යැයි කා ගසමින් සහ තර්ජනය කරමින් මෙම පිරිස හැසිරෙන අයුරු දක්නට ලැබුණා.
ඔවුන්ගේ එකම ඉල්ලකය වී තිබුණේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර හිටපු මන්ත්‍රීවරියයි.
විරෝධතාවයක් සේ පෙනුනද අප වාර්තාකරුවන් සඳහන් කළේ එය සැබවින්ම නිවස වටලා සිදුකළ තර්ජනයක් බවයි.
ඊයේ දහවල් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මිරිහානේ පිහිටි නිවස ඉදිරිපිට විරෝධතාවයක නිරතවූයේ රට තුළ පවතින අර්බුද හමුවේ කාන්තාවන්ට මුහුණ දීමට සිදුව ඇති ගැටළු සඳහා ජනාධිපතිවරයා වහා මැදිහත්විය යුතු බව පවසමින්.
එම විරෝධතාවයට නායකත්වය දෙනු ලැබුවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියයි.
අත නොහැර කියවන තැන
පොලිස්පතිව හොයාගන්න බැරි රටේ අපරාධකරුවන් හොයාගන්නේ කොහොමද? – දේශබන්දු අතුරුදන්
ගිහිල්ලා මහ බැංකුව වට කරන්න ජනාධිපති උපදේශකයෙකු කියලා
ජල පිරිපහදුවට ගෙන්වූ ‘ලයිම්’ වල ක්‍රෝමියම් වැඩියි.. පිළිකා ඇතිවීමේ අනතුරක්..?