Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ජනාධිපති ගෝඨාභය ඉල්ලා අස්වන කතාව බොරුවක් : රට ගොඩ ගන්න ඔහු කැපවීමෙන් වැඩ : ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කියයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට මේ වන විට සලකා බලමින් සිටින බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළවන වාර්තා ජනාධිපති කාර්යාලය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංග්ස්ලි රත්නායක මහතා මාධ්‍යයට පවසා ඇත්තේ ජනාධිපතිවරයා බරපතළ අර්බුදයකදී පලා යන පුද්ගලයකු නොවන බවයි.

ජාතිය මුහුණ දී සිටින විවිධ ගැටලුවලට විසඳුම් සෙවීම කෙරෙහි ජනාධිපතිවරයාගේ අවධානය මේ වන විට යොමු වී ඇති බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

රත්නායක වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ රට තවදුරටත් අස්ථාවර කිරීම සඳහා ඇතැම් පිරිස් විසින් මෙවැනි කටකතා පතුරවන බවයි.

මේ අතර, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට (22) ආණ්ඩු පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන් සමඟ හමුවක් කැඳවා ඇතැයි වාර්තාවනවා.

පවතින ආර්ථික අර්බුදය සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මෙම හමුව සංවිධානය කර ඇති බවයි කියවෙන්නේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මාර්තු 23 වැනි බදාදා සර්ව පාක්ෂික සමුළුවක් පැවැත්වීමට ද කටයුතු යොදා ඇත්තේ රටේ පවතින ගැටළු සඳහා විසඳුම් සෙවීමේ අරමුණින්.

© NewsWire

About The Author