Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ජනමත විචාරණ, තුනෙන් දෙකේ කතා නෑ , Port City පනත සරල බහුතරයෙන් සම්මත කරගන්නවා – ආණ්ඩුව නිල වශයෙන් කියයි

(Port City) වරාය නගර විශේෂ ආර්ථික කලාප පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ නිගමනය අනුව ‍ජනමත විචාරණයකට ලක් කල යුතු වගන්ති අධිකරණයේ දැනුම් දීම අනුවම සංශෝධනය කර හෝ ඉවත් කිරීමට කටයුතු කරන බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් සඳහන් කරනවා.

ඒ අනුව සංශෝධිත පනත් කෙටුම්පත ජනමත විචාරණ හෝ තුනෙන් දෙකේ බහුතර ඡන්දයෙන් නොව පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කරගැනීමට ආණ්ඩුව බලාපොරොත්තු වන බවද කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළා.

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පසුගියදා පාර්ලිමේන්තුව වෙත යොමුකර තිබූ අතර එය අද කථානායකවරයා විසින් ප්‍රකාශයට පත්කරනු ලැබුවා. 

ඒ අනුව අදාළ පනත් කෙටුම්පතේ වගන්ති රැසක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය කථානායකවරයාට දැනුම්දී තිබෙනවා.

එම පනත් කෙටුම්පතේ පරිච්ඡේද 8ක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බැවින් ඒවා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් සම්මත විය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කර තිබෙනවා.

කථානායකවරයාට ලැබී තිබූ අදාළ තීන්දුවේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, පනත් කෙටුම්පත කියවා බැලූ විට “එහි නියාමන ව්‍යුහය අපැහැදිලි බවත් එම කොමිෂන් සභාවට අත්තනෝමතික බලයක් ලැබෙන බවත්” එබැවින් ව්‍යවස්ථාවේ 12 (01) වගන්තිය හා අනනුකූල බවයි.

About The Author