ජනප්‍රිය ඉන්දීය සිනමා නිළියක් වන රශ්මිකා මන්දනා කෙටි නිවාඩුවක් ගත කිරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
ඇය සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමෙහි සටහනක් තබමින් පවසා ඇත්තේ, තමාට ඉතාමත් සමීප යෙහෙළියන් කිහිප දෙනෙකු සමඟ ශ්‍රී ලංකාවේ සුන්දර ස්ථානයක නවාතැන් ගනිමින් දින දෙකක නිවාඩුවක් ගත කළ බවයි.
රශ්මිකා යෙහෙළියන් සමඟ විනෝදජනක නිවාඩු කාලයක් ගත කරන අයුරු දක්වෙන සොඳුරු ඡායාරූප කිහිපයක්ද සිය සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ හුවමාරු කරගෙන තිබුණි.
මේ දිනවල නෙට්ෆ්ලික්ස් ඔස්සේ තිරගත වන The Girlfriend සිනමා පටයෙහි ප්‍රධාන භූමිකාවට පණ පොවන රශ්මිකා ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයින් අතරද අතිශය ජනප්‍රියත්වයක් අත් කරගෙන තිබේ.




අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට