Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ජනපතිගේ රැස්වීම පුස්ස්සක් වෙයි : දුන් පොරොන්දු බොරුවක් වෙයි

05 වෙනිදා සිට නොකපන බව කියූ විදුලිය දිගටම කපන්න අවසරත් දීලා

ලබන පස් වැනි දා සිට විදුලි බලය කප්පාදුවකින් තොරව ලබාදිය හැකි බවට විදුලිබල මණ්ඩල නිලධාරීන් විසින් ජනාධිපතිවරයාට පොරොන්දු වූ බව පවසමින් පසුගිය 02 දා ජනපති මාධ්‍ය අංශය විසින් පහත සඳහන් සටහන තබා තිබුණා.

උපුටා ගැනීම,

අඛණ්ඩව විදුලිය සැපයීමට පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වගකිව යුතු සියලු පාර්ශ්වයන්ට උපදෙස් දෙයි.

පවතින විදුලි කප්පාදුව සහ ඉන්ධන ගැටලුව සම්බන්ධයෙන් අද (02) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය. විදුලිබල සහ බලශක්ති අමාත්‍යාංශයන්හි නිලධාරීන් සමග කළ දීර්ඝ සාකච්ඡාවකින් අනතුරුව ප්‍රමාදයකින් තොරව ඉන්ධන ගෙන්වීම, සංචිත පවත්වා ගෙන යාම, විදුලි උත්පාදනය සඳහා ඉන්ධන සහ ගල් අඟුරු සැපයීම අඛණ්ඩව සිදු කිරීමට තීරණය කෙරිණ.මාර්තු 05 වනදා සිට විදුලිය කප්පාදුවක් සිදු නොකරන බව නිලධාරීහු සඳහන් කළහ.

දිවයින පුරා සියලුම ඉන්ධනහල් වෙත ඉන්ධන බෙදාහැරීම හෙට (03) සිට සාමාන්‍ය පරිදි සිදු කෙරේ. එබැවින් ජනතාව අනිසි බියකින් ඉන්ධන එක්රැස් කිරීමෙන් වළකින ලෙස, නිලධාරීහු ජනතාවගෙන් ඉල්ලා සිටිති.

ඔව් ඔව්අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, අමාත්‍ය බැසිල් රාජපක්ෂ, ගාමිණී ලොකුගේ, උදය ගම්මන්පිල, ජොන්ස්ටන් ප්‍රනාන්දු, මහින්දානන්ද අලුත්ගමගේ, රමේෂ් පතිරණ, රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර, මහබැංකු අධිපති, ජනාධිපති ලේකම්, ජනාධිපති ප්‍රධාන උපදේශක, රේඛීය කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යාංශවල ලේකම්වරු, ආයතන සභාපතිවරු සහ නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

උපුටා ගැනීම අවසන්.

අද මාර්තු මස 04 වෙනිදා, ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළ අයුරින් මේ වන තෙක් ඉන්ධන බෙදාහැරීම සාමාන්‍ය පරිදි සිදුවනවාද?

ඉහත සඳහන් පරිදී 05 වෙනිදා සිට විදුලි කප්පාදුව සිදුවන්නේ නැද්ද?

මේ සියල්ල මේ වන විටත් හුදු වචන සංදර්ශන බවට පත්ව හමාරයි.

හෙට දිනයේද (05) විදුලි කප්පාදුවක් සඳහා මහජන උපයෝගිතා කොමිසම විදුලි බල මණ්ඩලයට අවසර ලබා දී තිබෙනවා.

ඒ විදුලි බල මණ්ඩලයේම ඉල්ලීම මතයි.

එසේ නම් ජනාධිපතිවරයා අමාත්‍යවරුන් සහ නිලධාරීන් පසුගිය 02 වෙනිදා සිදුකළ සාකච්ඡාවේ ප්‍රතිඵලය කුමක්ද?

මේ සියල්ල විටින් විට රටේ ජනතාව රවටන මාධ්‍ය හරඹයන් නොවේද?

හෙට (05) සෙනසුරාදා (06) ඉරිදා විදුලිය කැපෙන හැටි මෙන්න

සෙනසුරාදා දිනයේදී

P Q R S T U V W යන කාණ්ඩ සඳහා පෙරවරු 8.30 සිට සවස 5.30 දක්වා කාලයේදී පැය 03ක් සහ පස්වරු 6.00 සිට රාත්‍රී 10.00 දක්වා කාලයේදී පැයක්

E F කාණ්ඩ සඳහා හෙට පෙරවරු 8.30 සිට සවස 4.30 දක්වා පැය 04ක කාලයක් සහ නැවතත් සවස 4.30 සිට රාත්‍රී 10.30 දක්වා පැය 03ක්

ඉරිදා දිනයේදී

A B C කාණ්ඩ සදහා පමණක් පෙරවරු 9.00 සිට සවස 4.30 දක්වා කාලයේදී පැය දෙකයි මිනිත්තු 30ක්

About The Author