දිවයින පුර රෝහල්වල සෞඛ්‍ය කාර්ය මණ්ඩල අද (03) වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීරණය වී සිටියා.
ඒ කොරෝනා මර්ධන රාජකාරියේ යෙදී සිටින සෞඛ්‍ය කාර්යමණ්ඩල සඳහා ආරක්ෂිත උපකරණ ලබා නොදීම, ප්‍රවාහන පහසුකම් සැලසීමට කටයුතු කිරීමට අපොහොසත් වීම,රාජ්‍ය සේවයේ නිරත ගැබිණි නිලධාරිනියන් සේවයට නොකැඳ වීමට අදාළ චක්‍රලේඛය සෞඛ්‍ය පද්ධතිය තුළ ක්‍රියාත්මක නොවීම, දීමනා කප්පාදුව, සේවක පුරප්පාඩු සම්පුර්ණ නොකිරීම ඇතුළු ඉල්ලීම් 15ක් ලබා දීමට වහා පියවර ගන්නා ලෙස රජයට බලකරමින්.
දිවයිනේ තෝරාගත් රෝහල් 10 අද උදෑසන 7 සිට දහවල් 12 දක්වා අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් සිදු කර ඇති අතර දිවයින පුරා සියලු රෝහල්වල පැය භාගයක කාලයක් උද්ඝෝෂණයක් පැවැත්වීමටද කටයුතු යොදා තිබු බවයි සෞඛ්‍ය වෘත්තීය සමිති සඳහන් කළේ.
මේ සඳහා හෙද කාර්යමණ්ඩල, පරිපුරක වෛද්‍ය සේවය, කණිෂ්ට කාර්යමණ්ඩල, කළමනාකරණය සහකාර සේවය ඇතුළු වෘත්තීය සමිති 24 ක සේවකයින් එක්ව සිටි බවයි වාර්තාවන්නේ.
ඔවුන්ගේ ගැටලුවලට සතියක් යාමට මත්තෙන් විසඳුම් ලබා දීමට රජය කටයතු නොකරන්නේ නම් දැවැන්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීරණය වන බවද ඔවුන් සඳහන් කළා.
අද දිනයේ පවතී මෙම වෘත්තීය ක්රියාමර්ගයෙහි ඇති විශේෂත්වය වන්නේ සෞඛ්‍ය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට ප්‍රකාශයට පත්කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ මධ්‍යම රාත්‍රියේ ප්‍රකාශයට පත් කරන ලද ඇති විශේෂ ගැසට් නියෝගය මායිම් නොකරමින් එය පවත් වීමයි.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පෙන්වා දුන්නේ සෞඛ්‍ය ක්ෂේත්රයේ ඇති බරපතල ගැටළු වලට විසදුම් ඉල්ලන මොහොතක ගැසට් නියෝග පනවා අදාළ සේවාවන් අත්‍යවශ්‍ය සේවාවන් ලෙස ගැසට් කිරීම කම්කරු අයිතිවාසිකම් අමු අමුවේ උල්ලංඝනය කිරීමක් බවයි.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට