මෙරට පාම් තෙල් ආනයන තහනම ඉවත් කිරීමට රජය තීරණය කර තිබෙනවා.
වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරන්නේ මැලේෂියා හා ඉන්දුනීසියා තානාපතිවරුන් තමන් අමතා අදාල තහනම සම්බන්ධයෙන් දෙරටේ විරෝධය පළ කර බවයි.
එම තහනම ලෝක වෙළඳ සංවිධානයේ එකගතා උල්ලංඝනය කිරීමක් බව ද තානාපතිවරුන් දෙදෙනා සඳහන් කළ බවයි ඇමතිවරයා සඳහන් කර ඇත්තේ.
ඒ අනුව ගුණාත්මක සහ පිරිසිදු පාම් තෙල් ආනයනය කිරීමට අවසර දීමට ශ්‍රී ලංකාව එකඟ වූ නිසා තත්ත්වය සමථයකට පත් වූ බව ද බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කර තිබෙනවා.
© මුලාශ්‍රය – LankaCnews


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට