හමුදා සහ පොලිසිය ඇතුලත් අමාත්‍යංශ විශ්‍රාමික ජනරාල්වරුන් දෙදෙනෙකු යටතට
විරෝධතාවයේදී පොදු දේපළ වලට හානි කරමින් හැසිරෙන පුද්ගලයන්ට වෙඩි තැබීම සඳහා යුද හමුදාවට සහ පොලීසියට අවසර ලබා දෙමින් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා විසින් ඊයේ ලබා දුන් නියෝගය නීති විරෝධී බව නීති විශාරදයින් සහ මාධ්‍ය සංවිධාන රැසක් පෙන්වා දීමත් සමඟ අර්බුදකාරී තත්වයක් නිර්මාණය වී තිබෙනවා.
ඒ අග්‍රාමාත්‍යවරයා ප්රමුඛ අමාත්‍ය මණ්ඩලය ඉල්ලා අස් වූ වහා අමාත්‍යංශ ලේකම්වරුන්ගේ තනතුරුද අහෝසිවී යන බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් ව තිබීම හේතුවෙන්.
ඒ අනුව ඊයේ දිනයේ ආරක්ෂක ලේකම් ලෙස පෙනී හිඳිමින් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා විසින් ලබාදුන් වෙඩි තැබීමේ නියෝග නීති විරෝධී බවට ද කරුණු ඉදිරිපත් වුණා.
එලෙස ආන්දෝලනාත්මක තත්වයක් නිර්මාණය වන අවස්ථාවේදී අද දිනයේ (11) ජනාධිපති මාධ්‍ය අංශය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එහි දැක්වෙන්නේ ජනාධිපතිවරයා විසින් ඔහුට පැවරී ඇති බලතල ප්‍රකාරව අමාත්‍යංශ තුනක් සඳහා නව ලේකම්වරුන් පත් කළ බවයි.
එම පත්වීම් ඊයේ දින සිට වලංගු බව ද එම මාධ්‍ය නිවේදනයේ දක්වා තිබෙනවා.
සමාජ ක්‍රියාකාරීන් පෙන්වා දෙන්නේ මෙම පත්වීම් ලිපි ලබා දීම සම්බන්ධයෙන් ගැටලුවක් ඇති බවයි.
මෙහි ඇති අනෙක් වැදගත් කරුණ වන්නේ සාමාන්‍යයෙන් රාජ්‍ය පරිපාලන සේවයේ පළමු පන්තියේ නිලධාරීන් විසින් දැරිය යුතු රාජ්‍ය පරිපාලන සේවයට අයත් ප්‍රධාන තනතුරු දෙකට ජනාධිපතිවරයා විසින් සිය බලය යොදා ගනිමින් විශ්‍රාමික හමුදා නිලධාරීන් දෙදෙනෙකු පත් කිරීමට ගෙන ඇති තීරණයයි.
මේ වනවිට රට තුළ මහජන කැළඹීමක් පවතින අවස්ථාවක ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය විශ්‍රාමික හමුදා නිලධාරීන් දෙදෙනෙකු වූ යටතට පත් කිරීම බරපතල තත්වයක් බවයි සමාජ ක්‍රියාධරයන් පෙන්වා දෙන්නේ.

අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට