Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ජනපති මාධ්‍ය ඒකකයට තවත් එන්ජිමක් සවි කෙරේ

ප්‍රවීණ මාධ්‍යවේදී කිංස්ලි රත්නායක මහතා ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක ධූරයට පත්කර තිබෙනවා.

අද (29) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී, කිංස්ලි රත්නායක මහතා වෙත අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ලබා දී තිබෙනවා.

පසුගියදා ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තනතුරට පත් කළ සුදේව හෙට්ටිආරච්චි මහතා මෙන්ම ඔහුද කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක්.

කොළඹ විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙකු ද වන කිංස්ලි රත්නායක මහතා විසි හත් (27) වසරක මාධ්‍ය ජීවිතය තුළ ජනප්‍රිය නිවේදකයෙකු ලෙස සුවිශේෂී දක්ෂතා දක්වා තිබෙනවා.

සිරස FM සහ TV නාලිකාවන්හි වැඩසටහන් කළමනාකරුවෙකු, වැඩසටහන් අධ්‍යක්ෂවරයෙකු, අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු සහ නාලිකා ප්‍රධානී ඇතුළු ප්‍රධාන තනතුරු රැසක් හොබවා ඇති රත්නායක මහතා ප්‍රතිභාපුර්ණ නිවේදකයෙකු ලෙස ජනතා ආකර්ෂණය දිනාගෙන තිබෙනවා.

About The Author