ජනාධිපතිවරයා තමන්ට කිසිවිටක ඉල්ලා අස්වෙන්නැයි නොපැවසූ බවත් එසේ නොකියන බව තමන් දැඩිව විශ්වාසකරන බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසනවා.
ප්‍රාදේශීය සභා සභාපතිවරු, නගරාධිපතිවරු සහ දිස්ත්‍රික් නායකයන් සමඟ අරලියගහ මන්දිරයේ අද (27) පැවැති හමුවේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මේ බව සඳහන් කර තිබෙනවා.
පවතින ආර්ථික අර්බුදය හමුවේ එයින් පැන නොයන බවත් කෙටි කාලීන හා දිගු කාලීන ආර්ථික කළමණාකරන ප්‍රතිපත්තියක් රජයට ඇති බවද අගමැතිවරයා සඳහන් කළා. එමෙන්ම, විදේශ ආධාර ලබාගෙන හෝ රට ගොඩ නගන්න අවශ්‍ය වැඩ පිළිවෙල ඉටු කරනවා යැයි ද අග්‍රාමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළා.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු නැතැයි ප්‍රාදේශීය සභා සභාපතිවරු හා නගරාධිපතිවරු මෙහිදී ඒකමතික යෝජනාවක් සම්මත කළ බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය සඳහන් කළේ.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට