ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිල සංචාරයක් සඳහා ජර්මනිය බලා පිටත්ව ගොස් තිබේ.
ජර්මනියේ පැවැත්වෙන බර්ලින් ග්ලෝබල් සකච්ඡාවට සහභාගී වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මෙම සංචාරයේ අරමුණ වී තිබේ.
ජනාධිපතිවරයා සාකච්ඡාවේ පළමු දිනයේ නායකයින්ගේ සංවාද සැසියේ අදහස් දැක්වීමට නියමිතය.
වර්තමාන භූ දේශපාලන හා ආර්ථික අභියෝගවලට ගෝලීය වශයෙන් විසඳුම් සෙවීම සඳහා වූ බර්ලින් ගෝලීය සංවාදය හෙට සහ අනිද්දා යන දෙදින පැවැත්වීමට නියමිතයිව තිබේ.
මෙම සංචාරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජර්මන් චාන්සලර් ඔලාෆ් ෂෝල්ස් ඇතුළු එරට දේශපාලන සහ ව්‍යාපාරික නායකයින් හමුවී සාකච්ඡා පැවැත්වීමටද සැලසුම් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි