පිළිකා කාරක අඩංගු බවට සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කළ ආනයනික පොල් තෙල් සහිත බහාලුම් නිදහස් කරගැනීමට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපති නුෂාඩ් පෙරේරා මහතා විසින් නියෝගය කර ඇති බව මේ වන විට හෙළිව තිබෙනවා.
ශ්‍රී ලංකා රේගුවේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය මහතා විසින්ද මෙම තොරතුර සහතික කර ඇති බවයි වාර්තාවන්නේ.
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපති නුෂාඩ් පෙරේරා මහතා ජනාධිපතිවරයාගේ සමීපතමයෙකු වන අතර ඔහු මෙරට සුප්‍රකට සීනි බදු වංචාවේද හවුල් කරුවෙක් ලෙසින් ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබීම විශේෂත්වයක්.
සීනි බදු වංචාව වන සිදුවන කාලවකවානුවේ නුෂාඩ් පෙරේරා මහතා සතොස සභාපතිවරයා ලෙස කටයුතු කළ අතර සීනි බදු වංචාවේ ව්‍යාපාරික සජාත් මවුසූන් හාජ්ජයාර් මහතාගෙන් වැඩි මිලට සීනි ලබාගෙන ලංකා සතොසට රුපියල් මිලියන ගණනක පාඩුවක් සිදුවන අයුරින් ලබාගත් මිලටත් වඩා අඩුවෙන් සීනි අලෙවි කොට වංචාසහත කූඨ ගනුදෙනුවක් සිදු කළ බවට මේ වන විට ඔහුට චෝදනා එල්ලවී තිබෙනවා.
ඔහුට එම චෝදනාව එල්ල වන විටම ඔහු සතොසෙන් ඉවත් කර ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපතිවරයා ලෙස පත් කිරීමට ජනාධිපතිවරයා විසින් කටයුතු කරනු ලැබුවා.
කෙසේ වෙතත් සතොසෙන් පමිති ආයතනයට මාරු කළ නුෂාඩ් පෙරේරා මහතාට දැන් එල්ලවන්නේ මෙරට මහජන සෞඛ්‍ය අවධානමට ලක් කරමින් පිළිකා කාරක පොල්තෙල් තොගයක් මුදා හැරීමේ සිදුවීමකට අදාළ බරපතල ඝනයේ චෝදනාවක්.
ඇෆ්ලටොක්සින් නමැති පිළිකා කාරකය ඉහළ ප්‍රතිශතයකින් අඩංගු බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකය හඳුනාගෙන තිබූ, සමාගම් හතරක් විසින් මෙරටට ගෙන්වනු ලැබූ පොල්තෙල් පිළිබඳව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතන සිදු කළ පරීක්ෂාවේදී ඇෆ්ලටොක්සින් අඩංගු බවට තහවුරු නොවූ බව නුෂාඩ් පෙරේරා සහතිකයක් ලබාදී ඇත.
ඒ අනුව එම පොල්තෙල් තොග නිදහස් කර ගැනීමට අදාළ ව්‍යාපාරිකයන්ට හැකිව තිබෙනවා.
ශ්‍රී ලංකා රේගුවේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය සඳහන් කරන්නේ සමාගම් දෙකක් පොල්තෙල් කිලෝග්‍රෑම් එක්ලක්ෂ අසූතුන්දහස් පනස් පහක් (183,055Kg) ආනයනය කර ඇති බවයි.
© මුලාශ්‍රය – Lankatruth.com වෙබ් අඩවිය
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට