පසුගිය 4 වෙනිදා යාපනයේ මාධ්‍ය සංගම් ශාලාවේදී පැවති මාධ්‍ය හමුවකදී හිටපු මන්ත්‍රී එම්. කේ. ශිවජලිංගම් මහතා යුද සමයේ උතුරේ ජන සංහාරයක් සිදු වූ බවට සාක්කි නොමැති බවට දෙමළ ජාතික සන්ධානයේ එම්.ඒ.සුමන්තිරන් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයා විසින් සිදු කරණු ලබන ප‍්‍රකාශ දෙමළ ජාතිද්‍රෝහී ප‍්‍රකාශ යැයි පැවසීය.
තවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ දෙමළ ජාතික සන්ධානයට දෙමළ ජනතාවගෙන් විවිධ චෝදනා එල්ල වන විට ඔවුන් කුමක් හෝ ප‍්‍රකාශ කිරීම දෙමළ ජනයා තවත් අසරණ කිරීමක් බවයි.
යුද සමයේදී දෙමළ වැසියන් මිලියන ගණනාවක් මිය ගිය බවට නැතත් කීප දෙනෙකු හෝ ජන සංහාරයකට ලක් වූ බවට අවශ්‍ය පමණට සාක්කි ඇති බව සදහන් කළ හිටපු මන්ත්‍රීවරයා ජිනීවා මානව හිමිකම් කමිටුවේදී මහ කොමසාරිස්වරයා උතුරේ ජන සංහාරයක් සිදු වූයේදැයි විමසූ අවස්ථාවේදී සුමන්තිරන් මන්ත‍්‍රීවරයා එය එසේ පිළිගනු ලැබූවත් මඩකලපුවේදී දෙමළ මාධ්‍ය අමතමින් ඔහු පවසන්නේ ජන සංහාරයක් සිදු වූ බවට සාක්කි නොමැති බව පැවසීම දෙමළ ජනයාට කරන මහා නිගාවක් බවද පැවසීය.
දෙමළ ජනයාගේ අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා දෙමළ ජාතික සන්ධානය ඇතුළු දෙමළ දේශපාලන පක්ෂ විසින් ගෙන යන අරගලය සුමන්තිරන් මන්ත‍්‍රීවරයා විසින් පාවා දෙන බවට ඔහුට එරෙහිව චෝදනා රැසක් ඇති බවත් ඔහු දෙමළ ජනයා පාවා දෙමින් පසුගිය රජයෙන් වරප‍්‍රසාද රැසක්ම ලබා ගෙන ඇති බවත් එම්. කේ. ශිවාජිලිංගම් හිටපු මන්ත්‍රීවරයා තවදුරටත් සදහන් කළේය.
© දිවයින – දිනසේන රතුගමගේ
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට