Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

චෝදනා තියනවා නම් නඩු දාන්න – නැත්නම් නිදහස් කරන්න

බදියුදීන් මන්ත්‍රීවරයා වෙනුවෙන් විපක්ෂය නැගිටියි – ලිඛිතවම කතා නායකට දැනුම් දෙයි

රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබ සිටින රිෂාඩ් බදුර්දීන් මහතාට එරෙහිව එල්ල වී ඇති චෝදනා මොනවාදැයි යන්න පිළිබඳ පාර්ලිමේන්තුවට වහාම දැනුම් දෙන්නැයි සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරු හතළිස් දෙනෙක් සිය අත්සන් සහිත ලිපියක් බාර දෙමින් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

බදියුදීන් මන්ත්‍රීවරයාට විරුද්ධව චෝදනා ඇති නම් වහාම නඩු පවරන්නැයිද එසේ නැතිනම්  වහාම නිදහස් කිරීමට කටයුතු කරන්නැයිද  එම ලිපිය මගින් ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.

එම කිසිවක් නොකරමින් බදියුදීන් මන්ත්‍රීවරයා මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර තැබීම හරහා ඔහුගේ මූලික අයිතිවාසිකම් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාද සියල්ලම උල්ලංඝනය වී ඇති බවයි විපක්ෂය අවධාරණය කරන්නේ.

මේ වන විට කිසිදු චෝදනා ගොනු කිරීමකින් තොරව රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයා පසුගිය අප්‍රේල් මාසයේදී අත්අඩංගුවට ගැනුණු අතර මහජන ආරක්ෂාව බාර අමාත්‍ය සරත් වීරසේකර මහතා සඳහන් කළේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගත් බවයි.

රජයේ මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුම මෙම කරුණම සඳහන් කළ නමුත් මේ දක්වා අදාළ පාස්කු ප්‍රහාරයට අදාළව බදියුදීන් මන්ත්‍රීවරයාට චෝදනා ගොනුකර නොමැති බවයි වාර්තාවන්නේ.

About The Author