කොල්ලුපිටිය සහ බම්බලපිටිය පොලිස් ස්ථානවල නිලධාරීන් සිදු කරන ලද ඒකාබද්ධ මෙහෙයුමකදී බම්බලපිටිය ලෝරිස් පාර ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නීති විරෝධී සූදු පොළක් වටලා චීන ජාතිකයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අතර චීන ජාතික කාන්තාවක්ද වන බවයි වාර්තා වන්නේ.
එම ස්ථානයේ තිබී රුපියල් දසලක්ෂ අසූ අටදහසකට අධික මුදලක් සහ චීන යුවාන් 2600ක මුදලක් ද නඩු භාණ්ඩ ලෙස ලබා ගෙන තිබෙනවා.
මීට අමතරව පහුගිය දිනවල සිදු කල පොලිස් මෙහෙයුම් වලදී නීතිවිරෝධි මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සම්බන්ධයෙන් මෙන්ම ගණිකා ජාවාරම සම්බන්ධයෙන්ද චීන ජාතිකයින් රැසක් අත්අඩංගුවට පත් වීමේ සිදු වීම් ද වාර්තා වුණා.
මේ වන විට ලක්ෂ දෙකකට අසන්න චීන ජාතිකයින් පිරිසක් මෙරට ජීවත් වන බවයි වාර්තාවන්නේ.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට