Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

චීනය ලංකාවට තවත් ණයක් දෙයි – මෙදා සැරේ ඩොලර් මිලියන 500ක්

චීනයෙන් ඩොලර් මිලියන 500 ක ණය මුදලක් ගැනීමට අදාළ ගිවිසුමකට ශ්‍රී ලංකාව සහ චීනය අතර අත්සන් තබා ඇති බව වාර්තා වනවා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් බෙයිජිං නුවර සිටින තානාපති පාලිත කොහොන මහතාත් චීන සංවර්ධන බැංකුවත් අතර මෙම ගිවිසුමට අත්සන් තබා ඇති බව බෙයිජිං නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සදහන් කළේ. 

කොවිඩ් 19 තත්ත්වය හමුවේ පසුබෑමකට ලක්ව ඇති ශ්‍රී ලංකා ආර්ථිකය නගා සිටුවීම සඳහා මෙම මුදල යොදවන බව රජය විසින් සඳහන් කර තිබෙනවා.

මෙම ඩොලර් මිලියන 500 ක ණය මුදල, චීනය විසින් ශ්‍රී ලංකාවට ලබාදීමට පොරොන්දු වූ ඩොලර් බිලියනයක ණය මුදලේ දෙවන වාරිකය වන අතර එහි පළමු වාරිකය පසුගිය වසරේදී ශ්‍රී ලංකාවට හිමිවුණා.

මේ අතර පසුගිය දිනක ගැටඹේ රාජෝපවනාරාමාධිපති පුජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල මහනාහිමියන්ගේ 90 වන ජන්ම දිනය වෙනුවෙන් සුබ පැතීම සඳහා පසුගියදා (04) එහි ගිය ආණ්ඩු පක්ෂ මන්ත්‍රී එස්.බී දිසානායක මහතා සඳහන් කළේ ලංකාවට ආර්ථික වශයෙන් කිසිදු අර්බුධයක් ඇති නොවන බවයි.

චීන රජය විසින් ඕනෑම ගාණක් ලබා ගන්නා ලෙසත් පුළුවන් දවසක නැවත ලබා දෙන ලෙසත් ලංකා ආණ්ඩුවට පැහැදලිවම ප්‍රකාශ කර ඇති බවද දිසානායක මහතා සඳහන් කළා.

නමුත් චීනයේ ණය ලබාදීම පිළිබඳව පසුගියදා අදහස් පළකළ  බංගලාදේශ අගමැති ෂෙයික් හසීනා මහත්මියගේ විදේශ කටයුතු උපදේශක ගවුහර් රිස්වි මහතා සඳහන් කළේ චීන ණය සැබවින්ම උගුලක් ලෙස ක්‍රියාත්මක වන්නක් බවයි.

චීන ණය උගුලේ සිරවෙමින් වන්දි ගෙවමින් සිටින ජිබුටි රාජ්‍යය සහ ශ්‍රී ලංකාව ඇසුරින් බංගලාදේශය චීනයේ ණය සහ ආයෝජන පිළිබඳ පාඩම් ඉගෙන ගෙන ඇති බවද ඔහු සඳහන් කර තිබුණා.

චීන ණය උගුලේ සිරවුණු රටවලට අවසානයේ සිදුවන්නේ තම රාජ්‍ය සම්පත්, ආර්ථික සහ භූගෝලීය වශයෙන් වැදගත් සන්ධිස්ථානයන් ණය මුදලට හිලව් වන ලෙස චීනයට පවා දීම සඳහා කටයුතු කිරීම පමණක් බවද ඔහු පෙන්වා දී තිබුණා.

About The Author