Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

චීන කොමියුනිස්ට් පක්ෂයෙන් එක්සත් ජාතික පක්ෂයට පරිත්‍යාගයක්

එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් වජිර පරිත්‍යාගය භාර ගනී

එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීම පරිදි කොවිඩ් වසංගතය පාලනය කිරීම සඳහා චීන කොමියුනිස්ට් පක්ෂය විසින් පරිත්‍යාග කරන ලද වෛද්‍ය උපකරණ තොගයක් චීන තානාපති කාර්යාලයේදී අද දින එජාප සභාපති, වජිර අබේවර්ධන මහතා විසින් භාරගෙන තිබෙනවා.

චීන රජය වෙනුවෙන් මෙරට චීන තානාපති කාර්යාලයේ උපදේශක චෙන් මහතා විසින් වජිර අබේවර්ධන මහතා වෙත මෙම උපකරණ තොගය බාරදීම සිදුකළ බවයි දැක්වෙන්නේ.

එම අවස්ථාවේ දී වජිර අබේවර්ධන මහතා චීන තානාපති කාර්යාලයටත්, චීන කොමියුනිස්ට් පක්ෂයට සහ රජයටත් කොවිඩ් වසංගතය ආරම්භ වූ මොහොතේ සිට ශ්‍රී ලංකාවට දක්වන ලද සහයෝගය පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ සහ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ස්තුතිය පල කර තිබෙනවා.

මෙම උපකරණ ඉදිරියේදී රෝහල්වලට ලබාදීමට නියමිතව තිබෙනවා.

About The Author