ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට ගෙන ඒම වෙනුවෙන් පහත් ලෙස පෙනී සිටි භික්ෂුන් රටේ ශුද්ධ වූ සියල්ල කෙළසා දැමුවා
පටු දේශපාලන වාසි අපේක්ෂාවෙන් අසත්‍ය කරුණු සමාජගත කල පිරිස් අද වන විට බරපතළ හානියක් සමාජයට කර ඇති බව පාඨලී චම්පික රණවක මහතා පවසනවා.
ඔහු පෙන්වා දෙන්නේ අධික වාහන තදබදය සිටිමින් දුක් විඳින විට පසුගිය ජනාධිපතිවරණ සමයේ දී MCC ගිවිසුම සම්බන්ධයෙන් අසත්‍ය කරුණු පවසමින් ජනතාව මුලාකළ කණ්ඩායම් මතකයට නංවා ගැනීම වඩා සුදුසු බවයි.
අවස්ථාවාදී දේශපාලකයින්ට අවශ්‍ය ලෙස රටේ ආගමික ඇදහිලි හා විශ්වාස පිළිබඳ කරුණු හෑල්ලුවට ලක් කළ ඇතැම් භික්ෂුන් බුදුදහම සමග බැඳී ඇති ශුද්ධ වූ ස්ථාන පවා කෙළසා දැමු අයුරු ද පෙන්වා දුන්නා.
බුදුදහම පිළිබඳ කතා කළේ පාලකයින් අද වන විපිරිත් නූල් වෙනුවට කාලි නූල් පළඳින බවද පැවසු චම්පික රණවක මහතා මෙම තත්වයෙන් බුදු දහම සහ රට ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් විනයධර ධර්මධර භික්ෂුන් වහන්සේ පෙරමුණ ගත යුතු බවත් ඒ සඳහා සහය ලබා දීම වෙනුවෙන් තමන් ඇතුළු පිරිස කැපවන බවත් සඳහන් කළා.
ඔහු මේ අදහස් පලකළේ පසුගිය දා Mee Massoo TV සමඟින් විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්.
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්‍රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි