Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

“ගෝඨාභය මහත්තයෝ ජොබ් එක බැරි නම් ගෙදර යන්න – විජේදාස අනාගතේ ජනාධිපති වෙයි” – ගෝඨා, විජේදාස අවුලේ මැදට මර්විනුත් පනී

ජොබ් එක හරියට කිරීමට නොහැකි නම් අස්වී ගෙදර යන්නැයි හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා අද විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කළා.

ඒ අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතාට දුරකථනයෙන් සිදු කළ බැනවැදීමක් සම්බන්ධයෙන් කරුණු දක්වමින්.

මර්වින් සිල්වා මහතා “බැසිල් රාජපක්ෂ සහ ඝෝටභය රාජපක්ෂ මහත්වරුන්ට හාමුලා ලෙස තමන් ඇමතු බවත් එසේ ඇමතු තමන්ට කෙල වූ බවත්” සඳහන් කළා.

වහසි බස් දොඩමින් ජනාධිපතිවරයා කටයුතු කරන්නේ නම් එය අශෝභන ක්‍රියාවක් බවත් සඳහන් කළ මර්වින් සිල්වා මහතා රටේ සම්පත් විකුණමින් රාජපක්ෂලා කටයුතු කළහොත් රටේ ජනතාව ඔවුන්ට කෙළ ගසනු ඇති බවද සඳහන් කළා.

About The Author