චීනයේ බීජිං නුවර අධිකරණයක දිග හැරුණු දික්කසාද නඩු විභාගයක් අවසානයේ දී පසුගිය වසර ගණන පුරාවට නිවස තුළ සිදු කළ සියලු කටයුතු වෙනුවෙන් සිය හිටපු බිරිඳ හට වන්දි මුදලක් ගෙවීමට පුරුෂයාට සිදු විය.
මෙසේ ගෙවනු ලැබූ මුදල යුආන් 50,000ක් එනම්, ශ්‍රී ලංකා මුදලින් රුපියල් 1,502,499.00කි.
අදාළ වන්දි මුදල ලබා දී තිබුණේ 2015 සිට 2020 දක්වා කාලය තුළ නිවසේ සිදු කළ ඉවුම් පිහුම්, අතුපතු ගෑම්, පිරිසිඳු කිරීම්,රෙදි සේදීම් ආදී එකී මෙකී නොකී සියලු කටයුතු මෙහෙකාරියක මෙන් ඉටු කිරීමට සිදු වූ නිසාවෙනි. ඇතැමුන් පවසන අන්දමට මෙම ගණන ඒ සඳහා කිසිසේත් ම ප්‍රමාණවත් නොවේ.
පසුගිය වසරේ දී මෙම දික්කසාද නඩුව ගොණු කර තිබුණේ ද පුරුෂයා විසිනි. බිරිඳ පළමුව දික්කසාදයට එකඟ වී තිබුණ ද, පසුව ඇය තමා මෙතෙක් නොමිළයේ ඔහු වෙනුවෙන් සිදු කළ සේවයට වන්දි ඉල්ලා සිටියා ය.
අදාළ තීන්දුව හරහා චීන අධිකරණ නීති පොතට නව නීතියක් ද එක් කෙරිණි.


අත නොහැර කියවන තැන
තායිවාන මුහුදු සීමාවේ චීන යුද අභ්‍යාසයක්
ට්‍රම්ප් පරිපාලනයෙන් හදිසි තීරණයක්: ශ්‍රී ලංකා තානාපති ඇතුළු 30ක් යළි කැඳවයි
උතුරු කැරොලිනාවෙන් වාර්තාවන හද කම්පා කරවන ගුවන් අනතුර