වැලිගම දෙනිපිටිය ප්‍රදේශයේ දී ගුවන් යානා නාශක උණ්ඩ හා තවත් අවි ආයුධ සහ වෙඩි බෙහෙත් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් විශේෂ කාර්යය බලකා දෙනියාය කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සිදුකළ සෝදිසි මෙහෙයුමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
එහිදී ගුවන් යානා නාශක උණ්ඩ හතරක්, කඩු තුනක්, උල් පිහියක්, වෙඩි බෙහෙත් මිලිගෑම් 14,550 ක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සොයාගෙන තිබේ.
සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වැලිගම පොලිසිය වෙත භාරදී ඇත.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට