ඔබටත් ගුවන් විදුලි නාලිකාවක හිමිකරුවෙකු වීමට අවස්ථාව කියා දැන්වීමකුත් පල කරලා
එහෙම විකුණන්නේ නැහැ, ආයතනය පාඩු ලබන නිසා ගොඩ දාගන්න කරන වැඩක් බව සංස්ථාව කියයි
ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව සතු ප්‍රාදේශීය නාලිකාවන් වල සංඛ්‍යාත බාහිර පාර්ශව සඳහා විකිණීමේ වැඩපිළිවෙළක් පිලිබද මේ වන විට කරුණු අනාවරණය වී තිබෙනවා.
ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව විසින් දැන්වීමක් පළ කරමින් එම ආයතනය සතු ප්‍රධානතම ප්‍රාදේශීය නාලිකා 06ක් මෙලෙස බාහිර පාර්ශව සඳහා විකිණීමටයි සැලසුම් කර ඇත්තේ.
රුහුණු සේවය, රජරට සේවය, කඳුරට සේවය, වයඹ සේවය, යාල් එෆ්එම් සහ පිරෛයි එෆ්එම් යන ප්‍රජා ගුවන්විදුලි සේවාවන් මෙලෙස විකිණීම සඳහා මිලගණන් කැඳවා තිබෙනවා.

ගුවන් විදුලි සේවකයින් පෙන්වා දෙන්නේ ප්‍රාදේශීය වශයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා නිර්මාණය කරන ලද ප්‍රජා ගුවන්විදුලි සේවාවන් මෙලෙස වෙනත් පාර්ශ්වයන් වෙත ලබා දීම කිසිසේත් අනුමත නොකරන බවයි.
පාලනාධිකාරය විසින් ගෙන ඇති මෙම තීරණය සම්බන්ධයෙන් මේ වනවිටත් ගුවන්විදුලි සංස්ථාව තුළ කසුකුසුවක් නිර්මාණය වී තිබෙනවා.
ගුවන් විදුලි සේවකයින් පවසන්නේ අදාල ප්‍රජා ගුවන්විදුලි සේවා ශක්තිමත් කරමින් නව වැඩසටහන හඳුන්වා දෙමින් ඒ හරහා ප්‍රයෝජනවත් ලෙස ලාභ උපයන වෙනුවට මෙලෙස අත්තනෝමතිකව ඒවා විකුණා දැමීම කිසිසේත් අනුමත නොකරන බවයි.
ගුවන් සංස්ථාව පුද්ගලීකරණය කිරීමේ සැලැස්මක් මේ තුළ ක්‍රියාත්මක වන බවට ද ඔවුන් චෝදනා කරනවා.
පසුගිය කාලය තුළ ගුවන් විදුලි සංස්ථාවේ සිදු වූ අක්‍රමිකතා රැසක් පිළිබඳ තොරතුරු වාර්තා වූ අතර නීති විරෝධී අයුරින් දේශපාලන හිතවතුන් සහ නුසුදුස්සන් ඉහළ තනතුරුවලට පත් කිරීම ඉන් ප්‍රධානයි.
මීට අමතරව වසර ගණනාවක් පැරණි වටිනාකම නිම කළ නොහැකිය ගුවන් විදුලි සංස්ථාව සතු පියානෝවක් අතුරුදන් කිරීමේ සිද්ධිය ද සමාජයේ වැඩි කතාබහට ලක් වුණා.
මේ වන විට ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ධුරය දරන්නේ හඩ්සන් සමරසිංහ මහතායි.
කෙසේ වෙතත් මෙම තීරණය ගෙන ඇත්තේ අදාළ නාලිකා පාඩු ලබමින් ක්‍රියාත්මක වන බැවින් ඒවා වඩාත් ඵලදායි ලෙස යොදාගනිමින් ලාභ ඉපයීමේ අරමුණින් බව ගුවන් විදුලි සංස්ථාවේ අලෙවි අංශයේ ප්‍රකාශකයෙකු අප සමඟ සඳහන් කළා.
මේ මගින් කිසි ලෙසකින් ගුවන් විදුලි සංස්ථාව සතු නාලිකා විකිණීමක් සිදු නොවන බවත් ගුවන් කාලය පමණක් අලෙවි කරන බවත් එම ප්‍රකාශකයා සඳහන් කළා.


අත නොහැර කියවන තැන
ආණ්ඩුවට එරෙහිව 21 වෙනිදා නුගේගොඩ වෙන්න යන දේ?
අර්බුධය ඉවර කරමින් මෙරටට හාල් තොගයක්…..
නිධන් සෙවු පිරිසක් අත්අඩංගුවට