Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ගිලුණු නැවේ විෂ කන්ටේනර් වත්තල ඉඩමක වැළලීමට යයි

මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් වරයා පසුගිය ඔක්තෝම්බර් මස 29 වැනිදා අවසර ලබාදීලා

ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී ගිනිගෙන විනාශ වූ  ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ තිබූ අතිශය විෂ රසායන ද්‍රව්‍ය අඩංගු බහාලුම් වත්තල ප්‍රදේශයේ දේශීය පෞද්ගලික සමාගමකට අයත් ඉඩමක වළ දැමීමට සූදානම් වන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා කොළඹදී අද හෙළිකළා.

ඒ කොළඹදී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින්.

එම විෂ සහිත බහලුම් ගොඩබිමට ගෙන ඒමට මධ්‍යම පරිසර අධිකාරිය අවසර ලබාදී ඇති බව ද  ඔහු සඳහන් කළා.

එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ  බහලුම් සැලැස්මට අනුව එම නෞකාව තුළ අතිශයින් විෂ සහිත ද්‍රව්‍ය මෙට්‍රික්ටොන් 10 ක් පමණ ඇතුලත් බහලුම් 85  ක් තිබී ඇති බව කී පුබුදු ජයගොඩ මහතා එම කන්ටේනර් තුළ හඳුනානොගත් අතිශය විෂ රසායනික ද්‍රව්‍ය ඇතුළත් බව ද සඳහන් හෙළිකළා.

මෙම විෂ ද්‍රව්‍ය සහිත කන්ටේනර් ගොඩබිමට ගෙන ඒම සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් වරයා පසුගිය ඔක්තෝම්බර් මස 29 වැනිදා අවසර ලබාදී ඇති බවත් එම අවසර ලබාගෙන ඇති දේශීය සමාගමට එවැනි විෂ ද්‍රව්‍ය පිළිබඳ කටයුතු කිරීමේ බලපත්‍රයක් නොමැති බවත් ජාගොඩ මහතා මෙහිදී පෙන්වා දුන්නා.

එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ  විනාශ වූ බහලුම් තිබියදී ම එම නැව මේ වන විට ස්ථානගතවී තිබෙන ශ්‍රී ලංකා මුහුදු සීමාවේදීම කැබලි කිරීමට සිංගප්පූරු සමාගමකට අවසර ලබාදී ඇති බව කී පුබුදු ජාගොඩ මහතා පැවසුවේ එසේ කිරීම මගින් ශ්‍රී ලංකා මුහුදු සීමාවට දැඩි හානියක් සිදුවන බව ද පෙන්වා දුන්නා.

About The Author