ගාල්ල, ගිංතොට ප්‍රධාන පෙළේ සංචාරක හෝටලයක නතරව සිටින ඉන්දීය ජාතික කාන්තාවන් දෙදෙනකුට සහ ඔවුන්ගේ දියණියන් තිදෙනකුට කොරෝනා ආසාදිත වී ඇති බව පසුගියදා (07 දා) තහවුරු වී ඇතැයි ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය පවසයි.
වයස අවුරුදු 34 සහ 38 හැවිරිදි කාන්තාවන් දෙදෙනාද අවුරුදු 5, 6, 9 යන වයස්වල පසුවන දැරියන් තිදෙනාද ඉන්දියාවේ තමිල්නාඩුවේ පදිංචිකාරියෝ වෙති.
ඉකුත් 05 දා සිදු කරන ලද පී.සී.ආර්. පරීක්ෂණයේදී ඔවුනට කොරෝනා ආසාදිත වී ඇති බවට තහවුරු වී ඇත.
මොවුන් ඉකුත් මස 30 දාමෙම හෝටලයට පැමිණ ඇති බවද අනාවරණය වී තිබේ.
© අහංගම – සුගතපාල දීයගහගේ – දිවයින


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට