Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ගෑස් අර්බුදය බරපතළ වෙයි : ඩොලර් නෑ : නැව් දෙකක් හිරවෙයි

කළින් නැවේ තොගය බෙදාහැර අවසන්

ශ්‍රී ලංකා මුහුදු සීමාවට සති දෙකකට පෙර ළගාවූ ගෑස් නෞකා දෙක නිදහස් කරගැනීමට ඩොලර් නොමැති වීමෙන් රට තුළ දැඩි ගෑස් හිඟයක් ඇතිවීමේ අවදානමක් පවතින බව වාර්තාවනවා.

එම ගෑස් නෞකා ඊයේ පස්වරුව වන විටත් නිදහස් කරගැනීමට නොහැකි වූ බවයි ලිට්‍රෝ සමාගමේ නිලධරියෙකු මාධ්‍යයට පවසා ඇත්තේ.

මීට පෙර නිදහස් කරගත් නෞකාවේ තිබු ගෑස් තොගය ද මේ වන විට අවසන් වෙමින් තිබෙන බව ද ඔහු පවසා තිබෙනවා.

එක් නෞකාවක් හෝ නිදහස් කරගත හොත් අඛණ්ඩව සැපයුම පවත්වාගෙන යා හැකි බවත් එසේ නොවුණ හොත් අර්බුදයකට මුහුණදීමට සිදුවන බවත් එම නිලධාරියා පවසා තිබීම විශේෂත්වයක්.

මෙම නෞකා දෙක නිදහස් කරගැනීමට බලධාරීන් සමඟ අඛණ්ඩව සාකච්ඡා කරමින් සිටින බව පවසා ඇති අදාළ නිලධාරියා එක නෞකාවක් හෝ අද රාත්‍රී නිදහස් කරගැනීමට හැකිවනු ඇති බවට විශ්වාස පළ කර තිබෙනවා.

රට පුරාම ඊයේ දිනයේ ද දිගු ගෑස් පෝලිම් දැකිය හැකි වූ අතර එම කිසිඳු අළෙවිසලකට ප්‍රමාණවත් ගෑස් සිලින්ඩර ප්‍රමාණයක් ලැබී නොලැබීමෙන් පෝලිම්වල පැය ගණන් ගතකර ඇතැමුන්ට ගෑස් නොමැතිව ආපසු යාමට සිදුවුණා.  

About The Author