Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

“ගෑණුන්ටත් පාට් දමන ආණ්ඩුවට එරෙහිව” ලක් වනිතාවන් කරන්න යන දේ

රට තුළ සිදුවන මහා වන සංහාරයන්, පරිසර විනාශයන් සහ විවිධ අකටයුතුකම් සම්බන්ධයෙන් හඬ නගන පුරවැසියන් බිය ගන්වමින් ක්‍රියාකරන ආණ්ඩුවට එරෙහිව රට පුරා කාන්තාවන් ඒකාරාශී කර ගනිමින් දැවන්ත ජන පවුරක් ගොඩ නැංවීමට කටයුතු කරන බව එක්සත් ජාතික පක්ෂ එක්සත් ලක්වනිතා පෙරමුණේ හිටපු සභාපති ශාන්තිනි කෝන්ගහගේ මහත්මිය සඳහන් කරනවා.

මෙයට ආසන්නතම සිදුවීම වී තිබෙන්නේ සිරස රුපවාහිනී ආයතනය මගින් විකාශය කරන ලද “ලක්ෂපති” වැඩසටහනට සහභාගී වෙමින් ලෝක උරුම සිංහරාජ රක්ෂිතය තුළ සහ ඒ අවට සිදුවන මහා පරිමාණ පරිසර විනාශය පිළිබඳ කරුණු හෙළිකළ භාග්‍යා අබේරත්න මෙනවියට එරෙහිව එල්ල කරන පීඩනයට සහ හිංසනයන්ට අදාළ සිදුවීමයි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශාන්තිනී කෝන්ගහගේ මහත්මිය සඳහන් කළේ වත්මන් ආණ්ඩුව විසින් සිදු කරන මහා පරිමාණ දුෂණ අක්‍රමිකතා වසා ගැනීම සඳහා පුරවැසියන් බිය ගන්වමින් සිටින බවයි.

මෙහිදී පුරවැසියන්ගේ භාෂණයේ නිදහස පවා අභියෝගයට ලක්කර ඇති බව පෙන්වා දුන් කෝන්ගහගේ මහත්මිය සඳහන් කළේ මෙහි ඇති කනගටුදයකම තත්වය කාන්තාවන් පවා බිය ගන්වන බංකොලොත් තත්වයකට වත්මන් පාලකයින් ඇදවැටීම බවයි.

මේ වන විට ආණ්ඩුව විසින් තම බලය යොදවමින් පීඩාවට සහ හිංසාවට පත් කරමින් සිටින භාග්‍යා දැරිය වෙනුවෙන් රටේ මව්වරුන් ලෙස පෙළ ගැසෙන බවත් එක්සත් ලක් වනිතා පෙරමුණද දිවයින පුරා විසිරී සිටින සිය සාමාජිකත්වය සමගින් ආණ්ඩුවේ මෙම මර්ධන කාරී වැඩ පිළිවෙලට එරෙහිව සටන් වදින බවද ඇය සදහන් කළා.

මීට සමගාමීව දිවයින පුරා ප්‍රධාන නගර කේන්ද්‍ර කරගනිමින් ආණ්ඩුවේ මෙම මර්ධනකාරී වැඩ පිළිවෙලට එරෙහිව ජනතා පෙත්සමක් අත්සන් කිරීමට ද ලක්වනිතා පෙරමුණ කටයුතු කරන බවද ඇය සඳහන් කළේ පසුගියදා (17) සිරිකොත පක්ෂ මුලස්ථානය ඉදිරි පිටදී මෙම පෙත්සම අත්සන් කිරීමේ වැඩසටහන ආරම්භ කිරීම පිළිබඳ අදහස් පළකරමින්.

මෙම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා සහ එක්සත් ලක්වනිතා පෙරමුණේ ක්‍රියාකාරීනියන් ඇතුළු විශාල පිරිසක් සම්බන්ධ වී තිබෙනවා.

About The Author