ගාල්ල දිස්ත්‍රික්කයේ ආහාර සුරක්ෂිතතාවය පිළිබඳව දැඩි අවදානමක් සහිත පවුල් 24935ක් හඳුනාගෙන ඇතැයි දිස්ත‍්‍රික් ලේකම් ශාන්ත වීරසිංහ මහතා සඳහන් කරයි.
එම පවුල්වල දැඩි මන්දපෝෂණයෙන් පෙලෙන ළමයින් 805 දෙනෙකු සිටින බවත් එම පවුල් වල ගැබිනි මව්වරුන් 1818 දෙනකුද සිටින බවත් හෙතෙම පැවසීය.
දිස්ත‍්‍රික්කයේ වාර්තා වන ආහාර සුරක්ෂිතතාවය අඩු පවුල් අතරින් වැඩිම පවුල් සංඛ්‍යාවක් වාර්තා වන්නේ මාදම්පාගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් බවද හෙතෙම පැවසීය.
ආහාර සුරක්ෂිතතාවය අඩු පවුත් සඳහා විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කොට ඇතැයිද දිස්ත්‍රික් ලේකම්වරයා තව දුරටත් කියා සිටියේය.
© Lanka C News


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට